Cricket NewsEXCLUSIVEIPL

මහිෂ් තීක්ෂණගේ CSKට එරෙහිව වනිඳු හසරංගගේ RCB තරඟ වදින IPL පිටියේ මායාකාරී දඟ පන්දු සංග්‍රාමය අද රාත්‍රියේ..

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර අද තරගාවලියේ 49වන තරගය ලෙස මහිෂ් තීක්ෂණ සහ මතිෂ පතිරණ ක්‍රීඩා කරන Chennai Super Kings සමග වනිදු හසරංග ක්‍රීඩා කරන Royal Challengers Bangalore කණ්ඩායමත් අතර තරඟය ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

Chennai Super Kings හි නායකත්වය මහේන්ද්‍ර සිං ධෝණි විසින් දරන අතර Royal Challengers Bangalore හි නායකත්වය Faf du Plessis විසින් දරනවා.

Chennai Super Kings ඔවුන් සහබාගි වූ තරඟ 9න් තරඟ 3ක් ජයග්‍රහණය කරමින් මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ 9වන ස්ථානයේ පසුවන අතර Royal Challengers Bangalore කණ්ඩායම තරඟ 10කට සහබාගි වී ඉන් තරඟය 5ක් ජය ගනිමින් මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ 6වන ස්ථානයේ පසු වනවා.

ඒ අනුව Chennai Super Kings සහ Royal Challengers Bangalore අතර තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතයි.

අද තරගයට ක්‍රීඩා කිරීමට වැඩිම ඉඩකඩක් ඇති සංචිත පහතින්

Royal Challengers Bangalore –

Faf du Plessis (c), Virat Kohli, Rajat Patidar, Glenn Maxwell, Dinesh Karthik (wk), Shahbaz Ahmed, Mahipal Lomror, Wanindu Hasaranga, Harshal Patel, Mohammed Siraj, Josh Hazlewood

Chennai Super Kings –

Ruturaj Gaikwad, Devon Conway, Robin Uthappa, Ambati Rayudu, Ravindra Jadeja, MS Dhoni (c & wk), Mitchell Santner/Dwayne Bravo, Dwaine Pretorius, Simarjeet Singh, Mukesh Choudhary, Maheesh Theekshana

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button