Cricket NewsEXCLUSIVE

BPL තරඟාවලිය ගිණිකෙළි සැණකෙළියක් බවට පත් කළ සුනිල් නරේන් ඉතිහාසයේ වේගවත්ම අර්ධ ශතකය රැස් කරයි.!

මේ වන විට පැවැත්වෙන බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ Comilla Victorians සහ Chattogram Challengers කණ්ඩායම් අතර පැවති තරඟයේදී BPL ඉතිහාසයේ වේගවත්ම අර්ධ ශතකය වාර්තා කිරීමට Comilla Victorians කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක සුනිල් නරේන් සමත් වුණ.

ඊයේ(16) පැවැති තරගාවලියේ අවසන් වටයේ තෙවැනි තරගයේ දී Chattogram Challengers කණ්ඩායමට එරෙහිවයි.

⁣තරඟයේ පළමුව පන්දුවට පහරදුන් Chattogram Challengers කණ්ඩායම පන්දුවාර 19.1ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කරගැනීමට හැකි වුයේ ලකුණු 148ක් පමණයි.

ඒ අනුව ලකුණු 149ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාමේ අරමුණින් පිටියට පිවිසි Comilla කණ්ඩායම පන්දුවාර 12.5ක් පමණක් වැය කරමින් කඩුලු 3ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කර යාමට සමත්වුනා.

එහිදී Comolla වෙනුවෙන් සුපිරි පිතිහරඹයක් දියත් කල සුනිල් නරේන්ගේ BPL ඉතිහාසයේ වේගවත්ම අර්ධ ශතකයේ වාර්තාව සිය නම ඉදිරියේ ලියා ගැනීමට සමත් වුන.

පන්දු 16කදී ලකුණු 57ක් ලබා ගත් ඔහු සිය අර්ධ ශතකය වාර්තා කළේ පන්දු 13කින් වීම විශේෂත්වයක්.ඔහුගේ ඉනිමට දැවැන්ත හයේ පහර 6ක් හා හතරේ පහර 5ක් ඇතුළත් වුනා.

ඒ අනුව තරගාවලියේ අවසන් තරගය හෙට(18) මෙරට වේලාවෙන් පස්වරු 5ට ආරම්භ වන්නේ Comilla Victorians කණ්ඩායම හා Fortune Barishal කණ්ඩායම අතරයි.

සුනිල් නරේන්ගෙ පිත්තෙන් වාර්තා වූ BPL ඉතිහාසයේ වේගවත්ය අර්ධ ශතකයේ විශේශ අවස්ථා පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7