Cricket NewsEXCLUSIVESocial Reaction

සිය ප්‍රථම ඕස්ට්‍රේලියානු තරඟ සංචාරය ක්‍රිඩා කරන චරිත් අසලංකට, සනත් ජයසූරියගෙන් උපදෙස්.!

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන තරඟ 5කින් සමන්විත විස්සයි-20 තරගාවලියේ ඊයේ පැවති දෙවන තරඟයේදි සුපිරි පන්දුවාර දක්වා ගිය තරඟය ජයග්‍රහණය කරමින් තරඟාවලියේ තව දුරටත් පෙරමුණ ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුනා.

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියාව කඩුලු 6ක් දැවී ලකුණු 164ක් රැස් කිරීමට සමත් වුනා.

ඒ අනුව ජයග්‍රාහි ඉලක්කය ලෙස ලකුණු 165ක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමටද ලබා ගත හැකි වුයේ ලකුණු 164ක් පමණක් වීම හේතුවෙන් තරඟය සම වූවා.”

කෙසෙ නමුත් සුපිරි පන්දුවාරයේදි තරගය ජයග්‍රහණය කිරීමට ඕස්ට්‍රේලියාව සමත් වුනා.

මේ අතර ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් වන සනත් ජයසූරිය, රසල් ආර්නල්ඩ් ඇතුළු ක්‍රීඩකයින් පවත්වනු ලබන Chilling With Russel වැඩසටහන අද පැවැත්වුණු අතර එහිදී මෙම තරගය ගැන බොහෝ දේ කතා බහට ලක්වුනා.

පසුගිය ලෝක කුසලාන තරගාවලියේ දී මෙන්ම සිම්බාබ්බේ තරගාවලියේ දී සිය සාර්ථකත්වය පෙන්නුම් චරිත් අසලංක පිළිබඳව මෙහිදී විශේෂ කතා බහකට ලක්වූ අතර මේ ඔහු ඕස්ට්‍රේලියානු සංචාරයක නිරත වන පළමු අවස්ථාව ද වනවා.

චරිත් අසලංක ගේ දැඩි යම පිළිබඳව සනත් ජයසූරිය මහතා විශේෂ කරුණු කිහිපයක් සඳහන් කළ අතර එය වළක්වා ගැනීමට නම් සිදු කළ යුතු ආකාරය ද එහිදී සඳහන් කර සිටියා.

එහිදී රසල් ආර්නල්ඩ් මහතා ප්‍රකාශ කර සිටියේ චරිත් අසලංක ඉතා ඉක්මනින් ඉගෙන ගන්නා පිතිකරුවෙකු බවත් එය ඔහු ඉතා ඉක්මනින් නිවැරදි කරගනු ඇති බවයි.

එම වැඩසටහෙනහි සංස්කරණය කරන ලද වීඩියෝ සටහනක් පහතින්

සම්පුර්ණ වැඩසටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7