Cricket NewsEXCLUSIVELegends Series

සුපිරි ශ්‍රී ලංකා ක්‍රිකට් තරු ක්‍රිඩා කල ආසියානු සිංහයන් පරාජය කළ World Giants කණ්ඩායම Legends League ශුරතාවය ජයග්‍රහණය කරයි.!

පසුගිය වසරේ පැවති Road Safety World Series Legends තරඟාවලියේ දිගුවක් ලෙස මෙවර ප්‍රථම වරට පැවති Legends League තරඟාවලියේ ශුරතාවයට හිමිකම් කීමට World Giants කණ්ඩායම අද සමත් වුනා.

ඒ Asian Lions කණ්ඩායම හා පැවති අවසන් මහා තරඟයේදී ලකුණු 25ක ජයග්‍රහණයක් වාර්තා කරමිනි.

අද තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Asian Lions කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා World Giants කණ්ඩායමට ආරාධනා කර සිටියා.

ඒ අනුව පිටියට පිවිසි World Giants පිතිකරුවන් පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 256 ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩනැගීමට සමත් වුණා.

වේගවත් සටන්කාමී පිතිකරණය දියත් කළ කුරේ ඇන්ඩර්සන් පන්දු 43 තුළ ලකුණු 94 ක් රැස්කිරීමට සමත්වුණා. ඔහුගේ ඉනිමට දැවැන්ත හයේ පාරවල් 8 ක් සහ හතරේ පහරවල් 7ක් ඇතුළත් වුණා.

කෙවින් පීටර්සන්පන්දු 22ක් තුළ ලකුණු 48ක් රැස් කිරීමට සමත් වුණා.

නායක ඩැරන් සැමි ලකුණු 38 ක් රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේදී නුවන් කුලසේකර කඩුලු 3ක් බිඳ හෙලුවා.

අනතුරුව ලකුණු 257ක දැවැන්ත ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Asia Lions කණ්ඩායමට නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 231ක් පමණයි.

Asian lines වෙනුවෙන් Mohommad Yousf ලකුණු 39 කළ අතර සනත් ජයසූරිය ලකුණු 38ක් රැස් කරන ලැබුවා.

තිලකරත්න ඩිල්ශාන් සහ උපුල් තරංග ලකුණු 25 බැගින් රැස් කිරීමට සමත් වුණා.

අවසන් මොහොතේ වේගවත් පිතිකරණයක් දියත් කල නුවන් කුලසේකර ලකුණු 17ක් රැස් කළ අතර චමින්ද වාස් ලකුණු 15 රැස් කිරීමට සමත් වුනා.

පන්දු යැවීමේදී ඇල්බී මෝකල් විසින් කඩුලු 3ක් බිද හෙලූ අතර Monty Panser කඩුලු 2ක් බිද හෙලුවා.

ඒ අනුව ප්‍රථම වරට පැවැති Legends League තරගාවලියේ ශූරතාවය ජයග්‍රහණය කිරීමට World Giants කණ්ඩායම සමත් වුන.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7