Cricket NewsEXCLUSIVELPL

අති විශිෂ්ට පන්දු රැකීමක් පෙන්නුම් කරමින්, අශාන් ප්‍රියංජන් ගුවනේ පාවී ගොස් රැකගත් තරඟයේ සුපිරි උඩපන්දුව.!

ශ්‍රී ලාංකේය මහා ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් 2021 තරගමාලාව මේ වෙනවිට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙනවා.

මේ අතර මෙවර තරගාවලියේ 11වන තරගය ලෙස Colombo stars කණ්ඩායම සහ Dambulla giants කණ්ඩායම අතර මේ වනවිට පැවැත්වෙන අද තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ දඹුල්ල කණ්ඩායමේ නායක දසුන් ශානක ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඒ අනුව පිටියට පිවිසි Dambulla Giants පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 136 ක ලකුණු පුවරුවක් ගොඩනැගීමට සමත් වුණා.

අද තරඟයේ දී අශාන් ප්‍රියන්ජන් විසින් සුපිරි උඩ පන්දු රැක ගැනීමක් ප්‍රදර්ශනය කළා.

ඒ ජෙෆ්රි වැන්ඩසේ විසින් ක්‍රියාත්මක කරන ලද තරගයේ 11 වන පන්දුවාරයේ තෙවන පන්දුවේදී රත්නායක විසින් එල්ල කරන ලද හයේ පහරක් උඩපන්දුවක් බවට පරිවර්තනය කර ගනිමිනි.

එම උඩ පන්දු රැක ගැනීම හේතුවෙන් Dambulla Giants කණ්ඩායමේ ලකුණු ලබාගැනීමේ වේගය ද යම්තාක් දුරකට සීමා කිරීමට හැකිවූ බව ක්‍රිකට් විචාරකයින් පවා ප්‍රකාශ කරන ලදී.

අශාන් ප්‍රියංජන් විසින් රැකගත් එම සුපිරි උඩපන්දුවේ වීඩියොව පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7