Cricket NewsEXCLUSIVESchool Cricket

ඉතිහාසයේ පළමු වරට කොළඹ රාජකීය විද්‍යාලය පරාජය කිරීමට මීගමුව මාරිස්ටෙලා විද්‍යාලය සමත් වේ.

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ අන්තර් පාසල් දෙදින ක්‍රිකට් තරගාවලියේ නිමාවූ තරගයකදී තම පාසල් ඉතිහාසයේ පළමු වරට කොළඹ රාජකීය විද්‍යාලය පැරදවීමට මීගමුව මාරිස්ටෙලා විද්‍යාල සමත්විය.

දෙදින ක්‍රිකට් තරගාවලියේ ඊයේ (26) පැවැති තරගයකදී මීගමුව මාරිස්ටෙලා විද්‍යාලය කොළඹ රාජකීය විද්‍යාලය කඩුලු 8 කින් පැරදවූ අතර, කොළඹ ඉසිපතන විද්‍යාලය, අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය, යාපනය සාන්ත ජෝන් විද්‍යාලය, හොරණ රාජකීය විද්‍යාලය සහ හික්කඩුව ශ්‍රී සුමංගල මධ්‍ය මහා විද්‍යාලය යන කණ්ඩායම් ජය වාර්තා කළහ.

ලෙවින් ප්‍රනාන්දු මාරිස්ටෙලා විද්‍යාලය වෙනුවෙන් කොළඹ රාජකීය විද්‍යාලයට එරෙහිව පිත්තෙන් දස්කම් දක්වමින් ශතකයක් රැස් කළ අතර, පළමු පෙළ තරග වරම් ලැබූ මාරිස්ටෙලා විද්‍යාලයේ අමීෂ ප්‍රනාන්දු කඩුලු 9ක් දවාලීය.

බළන්ගොඩ ආනන්ද මෛත්‍රිය ජාතික පාසලට එරෙහිව පන්දුවෙන් දස්කම් දැක්වූ හික්කඩුව ශ්‍රී සුමංගල මධ්‍ය මහා විද්‍යාලයේ ෂෙහාන් චාමික තරගය පුරා ලකුණු 45කට කඩුලු 15ක් දවාලීය. හොරණ රාජකීය විද්‍යාලයේ පසන් පෙරේරා වත්තල සාන්ත ජෝශප් විද්‍යාලයට එරෙහිව ශතකයක් සමඟින් තුන් ඉරියව් දස්කම් දැක්වීය.

මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයට කඩුලු 8ක ජයක්

කොළඹ රාජකීය විද්‍යාලය: පළමු ඉනිම – 171 (පන්දුවාර 60) රෙහාන් පීරිස් 57, අනික් ප්‍රනාන්දු 52, අමීෂ ප්‍රනාන්දු 34/4, ඕෂධ ගිම්හාන 33/2, නිලේෂ් පෙරේරා 35/2

මීගමුව මාරිස්ටෙලා විද්‍යාලය: පළමු ඉනිම – 242 (පන්දුවාර 65.3) ලෙවින් ප්‍රනාන්දු 132, යොහාන් ආලෝක 34, ෂෆ්නි ඩීන් 30, ඔවින අඹන්පොල 13/3, රනුක මලවිආරච්චි 49/3

කොළඹ රාජකීය විද්‍යාලය: දෙවැනි ඉනිම – 112 (පන්දුවාර 56.1) රමිරු පෙරේරා 35, අමීෂ ප්‍රනාන්දු 33/5, හසිඳු පෙරේරා 50/4

මීගමුව මාරිස්ටෙලා විද්‍යාලය: දෙවැනි ඉනිම -42/2 (පන්දුවාර 8.4) ලෙවින් ප්‍රනාන්දු 22

ඉසිපතනයට ඉනිමක සහ ලකුණු 33ක ජයක්

මොරටු විද්‍යාලය: පළමු ඉනිම – 148 (පන්දුවාර 42) කාංචන නිම්ෂාන් 52, ළකිඳු යහම්පත් 29, මහීත් අප්පුහාමි 27, ඉසුරු ප්‍රනාන්දු 27, දසිත් සෙනාල් 41/4, කෙවින් සෙනාල් 41/4, සිතුක ගුණවර්ධන 52/2

කොළඹ ඉසිපතන විද්‍යාලය : පළමු ඉනිම – 281 (පන්දුවාර 80.1) කෙවින් සැමුවෙල් 99 , රන්මිත් දිනුවර 50, තරුෂ්ක අශේල් 45, සිතුක ගුණවර්ධන 20, නිෂිත ප්‍රනාන්දු 53/3, මහිත් අප්පුහාමි 45/2, ඉසුරු ප්‍රනාන්දු 63/2

මොරටු විද්‍යාලය: දෙවැනි ඉනිම – 100 (පන්දුවාර 30.3) සිතුක ගුණවර්ධන 36/4, දසිත් සෙනාල් 23/3, තරුෂ්ක අෂෙල් 19/2

තර්ස්ටන් – මලියදේව

ජය පරාජ නෑ

කොළඹ තර්ස්ටන් විද්‍යාලය: පළමු ඉනිම – 215 (පන්දුවාර 56.4) තනුජ රාජපක්ෂ 36, ශානික්‍ය දේශප්‍රිය 34, රචින්ත ද සිල්වා 27, ඩිනාල් ඉඳුවර 25, විශ්ව ධනංජය 23, යොවුන් ශිල්ප 23, ඩිමාත් අබේසිංහ 63/6

කුරුණෑගල මලියදේව විද්‍යාලය: පළමු ඉනිම – 246 (පන්දුවාර 75.4) ඩිමන්ත නිසංක 55, ගයන වීරසිංහ 40, චන්දූප අබේසිංහ 32, පැහැසර බණ්ඩාර 29, විනුක ගලප්පත්ති 22, තනුග පළිහවඩන 88/5, ටලීෂ නානායක්කාර 58/4

කොළඹ තර්ස්ටන් විද්‍යාලය: දෙවැනි ඉනිම – 288/9 (පන්දුවාර 71) තනුජ රාජපක්ෂ 85, නවිඳු ප්‍රනාන්දු 82, ශානික්‍ය දේශප්‍රිය 52, ඩිමාත් අබේසිංහ 92/4, තවීෂ බාලසූරිය 109/3

අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයට ලකුණු 25ක ජයක්

අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය: පළමු ඉනිම – 97 (පන්දුවාර 25.4) චමෝද් සෙනෙවිරත්න 34, දුල්ෂාන් කුලගලගේ 8/5, ඉසුරු කටුගම්පොළ 24/2, සංජන ඉන්ද්‍රානන්ද 38/2

තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය මහා විද්‍යාලය : පළමු ඉනිම – 150 (පන්දුවාර 41.3) ඉසුරු ජයසිංහ 67, ඉසුරු කටුගම්පොල 21, කවිඳු විමලසූරිය 48/3, කවිඳු දයාරත්න 23/2, තනුක විදුරංග 37/2

අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය: දෙවැනි ඉනිම – 154 (පන්දුවාර 37.2) කවිඳු විමලසූරිය 46, නිර්මාල් තිලකසිරි 42, කවිඳු දයාරත්න 22, රවිඳු සිරිවර්ධන 38/5, දුල්ෂාන් කුලගලගේ 37/2

තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය මහා විද්‍යාලය : දෙවැනි ඉනිම – 76 (පන්දුවාර 30.2) ඉසුරු ජයසිංහ 21, කවිඳු දයාරත්න 20/4, කවිඳු විමලසූරිය 26/2

යාපනය සාන්ත ජෝන් විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 63ක ජයක්

යාපනය සාන්ත ජෝන් විද්‍යාලය: පළමු ඉනිම – 311 (පන්දුවාර 78.3) ජෙයචන්ද්‍රන් අෂ්නාත් 87, ඇන්ඩර්සන් සචින් 86, මර්ෆින් රැන්ඩ්යෝ 56, මහේන්ද්‍රන් කින්තුෂාන් 28, නවීන් අතිෂ්ට 93/4, යොහාන් ප්‍රිමෝෂ් 63/3, රයන් හිමාෂ 20/2

මීගමුව සාන්ත පීතර විද්‍යාලය: පළමු ඉනිම – 154 (පන්දුවාර 58.5) මනුල ගිම්හාන 36, මර්ෆින් රැන්ඩ්යෝ 34/4, කුගතාස් මාතුලන් 38/4

මීගමුව සාන්ත පීතර විද්‍යාලය: දෙවැනි ඉනිම – 94 (පන්දුවාර 28.1) අකීල් ශෙනේෂ් 29, නවීන් අතිෂ්ට 24, ස්ටැන්ලි සැම්සන් 44/6, කුගතාස් මාතුලන් 31/2

හොරණ රාජකීය විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 46ක ජයක්

වත්තල සාන්ත ජෝශප් විද්‍යාලය: පළමු ඉනිම – 138 (පන්දුවාර 42) දිනුක පෙරේරා 31, හෂේන් සිල්වා 29, අශේංක ද සොයිසා 26, යසිරු රත්නායක 36/4, මිනිඳු හදපාන්ගොඩ 8/2, නදීෂන කරුණාරත්න 18/2, පසන් පෙරේරා 27/2

හොරණ රාජකීය විද්‍යාලය: පළමු ඉනිම – 258 (පන්දුවාර 79.4) පසන් පෙරේරා 123, මිහිරාන් උඩුගොඩගේ 40, මිනිඳු හඳපාන්ගොඩ 30, යසිරු රත්නායක 26, තිසුල සොයිසා 16/3, යසිත් සස්මිත 55/3

වත්තල ශාන්ත ජෝශප් විද්‍යාලය: දෙවැනි ඉනිම – 74 (පන්දුවාර 28) තිසුල සොයිසා 24, පසන් පෙරේරා 2/2, මිනිඳු හඳපාන්ගොඩ 15/2, ජනිඳු ගමගේ 16/2, යසිරු රත්නායක 20/2

හික්කඩුව ශ්‍රී සුමංගලයට ලකුණු 143ක ජයක්

හික්කඩුව ශ්‍රී සුමංගල මධ්‍ය මහා විද්‍යාලය: පළමු ඉනිම -204 (පන්දුවාර 55) (රවිඳු තීක්ෂණ 48, පමෝද් හිමසර 40, තරුන් ද සිල්වා 34, තරුෂ ප්‍රනාන්දු 59/5, හසිඳු රාජපක්ෂ 18/3, ගිහාන් අමන්ද 85/2

බළන්ගොඩ ආනන්ද මෛත්‍රිය ජාතික පාසල: පළමු ඉනිම – 82 (පන්දුවාර 36.2) හසිඳු රාජපක්ෂ 41, ෂෙහාන් චාමික 3/7

හික්කඩුව ශ්‍රී සුමංගල මධ්‍ය මහා විද්‍යාලය: දෙවැනි ඉනිම -150 (පන්දුවාර 39.5) රවිඳු තීක්ෂණ 44, විනෝද් ධනුෂ්ක 34, පමෝද් හිමසර 31, හසිඳු රාජපක්ෂ 48/5,

ගිහාන් අමන්ද 85/2

බළන්ගොඩ ආනන්ද මෛත්‍රිය ජාතික පාසල: දෙවැනි ඉනිම – 129 (පන්දුවාර 48.5) (කෞෂික චන්ද්‍රසිරි 32, ලක්ෂාන් දිසානායක 29, ෂෙහාන් චාමික 42/8

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7