Cricket NewsEXCLUSIVEWoman CricketWT20 Challenge

IPL තරඟාවලියට සමගාමීව පැවැත්වුන කාන්තා ප්‍රිමියර් ලීගය “WT20 Challenge 2022” ශුරතාවය Supernovas කණ්ඩායමට.!

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලිග් තරඟාවලියේ තවත් ඉතිරිව ඇත්තේ අවසන් මහා තරඟය පමණයි. ඒ අනුව ඉරිදා රාත්‍රියේ ⁣Gujarat Titans කණ්ඩායම සහ Rajasthan Royals කණ්ඩායම් අතර අවසන් මහා තරඟය අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට නියමිතය.

මේ අතර WT20 Challenge 2022 නමින් IPL තරඟාවලිය අතරතුර කාන්තා ක්‍රීඩිකාවන්ගෙන් සැදුම්ලත් කණ්ඩායම් 3ක් සහබාගිත්වයෙන් පැවති තරඟාවලියේ ශුරතාවය ජයග්‍රහනය් කිරීමට Supernovas කණ්ඩායම මිට සුළු මොහොතකට පෙර සමත් වුවා. ඒ Velocity කණ්ඩායමට එරෙහිව ලකුණු 4ක තියුණු ජයක් වාර්තා කරමිනි.

අද තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කල Velocity නායිකා Deepti Sharma ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා Supernovas පිතිකාරිනියන්ට ආරාධනා කළා.

එ අනුව පන්දුවට පහර දුන් Supernovas කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 165ක් රැස් කිරීමට සමත් වුණා.

Supernovas වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ Deandra Dottin පන්දු 44කදී ලකුණු 62ක් වාර්තා කිරීමට සමත් වුනා.

නායිකා Harmanpreet Kaur ලකුණු 43ක් රැස් කළ අතර Priya Punia ලකුණු 28ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී Kathryn Laura Cross, Deepti Sharma සහ Simran Bahadur කඩුලු 2 බැගින් බිඳ හෙලීමට සමත් වූනා.

ඒ අනුව ලකුණු 166ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Velocity පිතිකරුවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රස කර ගැනීමට හැකි වුයේ ලකුණු 161ක් පමණයි

Velocity ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Laura Wolvaardt පන්දු 40ක් තුල වෙගවත් ලකුණු 65ක් රැස් කල අතර Simran Bahadur ලකුණු 20ක් රැස් කළා.

පන්දු යැවීමේදී Alana King කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුනා.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7