Cricket NewsEXCLUSIVE

ශ්‍රී ලංකා කණ්ඩායමේ බංගලාදේශ තරඟ සංචාරයේ දේශීය විකාශන අයිතිය “Supreme TV” විසින් හිමි කර ගනී.!

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරන ලෝක ටෙස්ට් ශුරතාවලියට (ICC World Test Championship 2021-23) අනුයුක්තව පැවැත්වෙන තරඟ දෙකකින් සමවිත ශ්‍රී ලංකා කණ්ඩායමේ බංගලාදේශ තරඟ සංචාරය එළැඹෙන මැයි 15 වැනිදා සිට මැයි 27 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.

ඒ අනුව එළඹෙන මැයි 15 වැනිදා ආරම්භ වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරයේ ශ්‍රී ලංකාව තුළ දේශීය රූපවාහිනී විකාශන අයිතිය ලබා ගැනීමට “Supreme TV” නාලිකාව සමත් වී තිබේ. කෙසේ නමුත් මෙම තරඟාවලිය විකාශය කිරීම සම්භන්දව පසුගිය දා අර්භුදයක් හටගෙන තිබුයේ ශ්‍රී ලංකාවේ ඒ සඳහා ප්‍රමාණවත් වන ඩොලර් සංචිත තිබේ ද යන ප්‍රශ්නය මුලික කරගනිමිනි.

කෙසේ නමුත් එම ප්‍රශ්නය විසඳා ගනිමින් ‘Supreme TV’ නාලිකාව දේශීය රූපවාහිනී විකාශන අයිතිය ලබා ගැනීමට සමත් වී තිබේ

ඒ අනුව ශ්‍රී ලංකේය ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට ‘Supreme TV’ ඔස්සේ ඔස්සේ මැයි 15 වැනිදා සිට ශ්‍රී ලංකා – බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සජීවීව නැරඹීමේ අවස්ථාව උදාවී තිබේ.

එමෙන්ම විශේෂත්වය වන්නේ මෙම තරගාවලිය කිසිඳු ඉන්දියානු රූපවාහිනී නාලිකාවක් ඔස්සේ විකාශය නොවීමයි.

එමෙන්ම මේ වන විටත් මෙම තරඟාවලිය සඳහා බංග්ලාදේශ සංචිතය මෙන්ම ශ්‍රී ලංකා සංචිතය ද නම් කර අවසන්

තරගාවලියේ තරඟ කාලසටහන පහතින්

පළමු ටෙස්ට් තරඟය – මැයි 15 – මැයි 19 | පෙ.ව.10.00
දෙවන ටෙස්ට් තරඟය – මැයි 23 – මයි 27 | පෙ.ව.10.00

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button