Cricket NewsEXCLUSIVEIPL

ඉනිම් 9කට පසුව 2022 IPL තරගාවලියේ සිය ප්‍රථම අර්ධ ශතකය වාර්තා කිරීමට විරාට් කෝලි සමත් වෙයි.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර තරගාවලියේ 43වන තරගය ලෙස Gujarat Titans කණ්ඩායම සමග වනිදු හසරංග ක්‍රීඩා කරන Royal Challengers Bangalore කණ්ඩායමත් අතර තරඟය මේ වන විට පැවැත්වෙනවා.

තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Gujarat Titans නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා Royal Challengers Bangalores කණ්ඩායමට ආරාධනා කර සිටියා.

එ අනුව පන්දුවට පහර දුන් Royal Challengers Bangalore කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 170ක් රැස් කිරීමට සමත් වුණා.

එහිදී Royal Challengers Bangalore කණ්ඩායමේ ඉහළම ලකුණු ලාභියා බවට පත් වූ හිටපු නායක විරාට් කෝලි ඉනිම් 9 කට පසුව 2022 IPL තරගාවලියේ සිය ප්‍රථම අර්ධ ශතකය වාර්තා කිරීමට සමත්වුවා.

විරාට් කෝලි පන්දු 53ක් තුල ලකුණු 58ක් රැස් කිරීමට සමත් වූ අතර ඔහුගේ ඉනිමට දැවැන්ත හයේ පහරක් සහ හතරේ පහර 6ක් ඇතුලත් වුනා.

විරාට් කොලිගේ ඉනිමේ විශේෂ අවස්ථා පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button