Cricket NewsEXCLUSIVEILT20

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 13 දෙනකු සමග ලොව නම් දැරූ ක්‍රිකට් තරු පිරි වරා පැවැත්වෙන “UAE ILT20” තරඟාවලියේ දේශීය විකාශන අයිතිය Supreme TV ලබාගනී.!

ලොව ප්‍රබල ක්‍රිකට් තරු පිරිවරා පළමුවරට එළැඹෙන ජනවාරි 13 වැනිදා සිට පෙබරවාරි 12 වැනිදා තෙක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිත “International T20 League” (UAE ILT20 2023) පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් ප්‍රීමියර් ලීගයේ ශ්‍රී ලංකාවේ නිල දේශීය රූපවාහිනී විකාශන අයිතිය ලබා ගැනීමට “Supreme TV” නාලිකාව සමත් වී තිබෙනවා.

මේ වන විට පැවැත්වෙන ඉන්දියා ශ්‍රී ලංකා තරඟාවලියේ නිල දේශීය විකාශන අයිතිය ද පවතින්නේ “Supreme TV” සතුවයි.

ඒ අනුව Supreme TV නාලිකාව විසින් UAE ILT20 2023 තරගාවලියේ මෙරට Terrestrial (UHF), Satellite සහ IPTV යන සියලුම ආකාරයේ රූපවාහිනී විකාශන අයිතීන් ලබාගෙන ඇති බැවින් ජනවාරි 13 වැනිදා සිට පහත සියලු ක්‍රම ඔස්සේ ඔබට Supreme TV නාලිකාවෙන් UAE ILT20 2023 තරගාවලිය සජීවීව නැරඹීමට හැකිය.

බස්නාහිර – UHF 49 (695.25 MHz)
දකුණ – UHF 28 (527.25 MHz)
සබරගමුව – UHF 56 (751.25 MHz)
දිවයින පුරා – UHF 47 (679.25 MHz)
Freesat නාලිකා අංක 17
Dialog TV නාලිකා අංක 20
PEO TV නාලිකා අංක 140

මෙම UAE ILT20 2023 තරගාවලියට MI Emirates, Abudhabi Knight Riders, Dubai Capitals, Desert Vipers, Sharjah Warriors සහ Gulf Giants ලෙස IPL කණ්ඩායම් මෙන්ම ලොව ප්‍රබල සමාගම් හිමිකාරිත්වය දරණ කණ්ඩායම් 6 ක් තරග වදින අතර,
ඒ අතරින් පහත කණ්ඩායම් 3 ක් සඳහා පහත පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් 13 දෙනෙකු ක්‍රීඩා කිරීමට නියමිතය.

Dubai Capitals – දසුන් ශානක (VC), භානුක රාජපක්ෂ, නිරෝශන් දික්වැල්ල, ඉසුරු උදාන, චාමික කරුණාරත්න

Abu Dhabi Knight Riders – චරිත් අසලංක, ලහිරු කුමාර, ධනංජය ද සිල්වා, ට්‍රවීන් මැතිව්

Desert Vipers – වනිඳු හසරංග, දිනේෂ් චන්දිමාල්, මතීෂ පතිරණ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7