Cricket NewsEXCLUSIVE

ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසිලන්ත තරඟ සංචාරයේ සියලුම දේශීය විකාශන අයිතීන් “Supreme TV” විසින් හිමි කර ගනී.!

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අතිශය තීරණාත්මක තරඟාවලියක් ලෙස ටෙස්ට් තරඟ 2ක් එක්දින තරඟ 3ක් සහ විස්සයි-20 තරඟ 3කින් සමන්විතව එළඹෙන මාර්තු 9 වන දා සිට ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසිලන්ත තරඟ සංචාරයේ ශ්‍රී ලංකාව තුළ දේශීය රූපවාහිනී විකාශන අයිතිය ලබා ගැනීමට “Supreme TV” නාලිකාව සමත් වී තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකේය ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට ‘Supreme TV’ ඔස්සේ ඔස්සේ මැයි 15 වැනිදා සිට ශ්‍රී ලංකා – නවසිලන්ත ක්‍රිකට් තරගාවලිය සජීවීව නැරඹීමේ අවස්ථාව උදාවී තිබේ.

මෙම තරඟාවලි හි ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායමට අතිශය වැදගත් වී තිබෙනවා. ඊට හේතුව ලෝක ටෙස්ට් ශුරතාවලියේ අවසන් මහා තරඟයට පිවිසීමට මෙම තරඟ ද්විත්වයම ජයග්‍රහණය කිරීම අනිවාර්ය වී තිබීම හේතුවෙනි. එමෙන්ම ඉදිරියේදී පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන තරඟාවලියට ඍජු ව සුදුසකම් ලබා ගැනීමට නම් මෙම එක්දින තරඟාවලිය ද ජයග්‍රහණය කිරීම ද ශ්‍රී ලංකා කණ්ඩායමට අනිවාර්ය සාදකයක් බවට පත් ව තිබෙනවා.

තරගාවලියේ තරඟ කාලසටහන පහතින්

පළමු ටෙස්ට් තරඟය – මාර්තු 09 – මාර්තු 13
දෙවන ටෙස්ට් තරඟය – මාර්තු 17 – මාර්තු 21

පළමු එක්දින තරඟය – මාර්තු 25
දෙවන එක්දින තරඟය – මාර්තු 28
තෙවන එක්දින තරඟය – මාර්තු 31

පළමු විස්සයි-20 තරඟය – අප්‍රේල් 02
දෙවන විස්සයි-20 තරඟය – අප්‍රේල් 05
තෙවන විස්සයි-20 තරඟය – අප්‍රේල් 08

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7