Cricket NewsEXCLUSIVE

දසුන් ශානකගේ රුව යොදා ගනිමින් දේශපාලන පක්ෂයක් ප්‍රචාරක කටයුතු දියත් කිරීමක් පිළිබඳව දසුන් ශානක සිය අප්‍රසාදය පළ කරයි – සිය එකම ආදරය සහ ආශාව රට වෙනුවෙන් ක්‍රීඩා කිරීම පමණක් බව කියයි.!

ශ්‍රී ලංකාව මේ වන විට දේශපාලන මැතිවරණයකට සුදානම් වෙමින් සිටින අතර මෙහි ජයග්‍රහණය ලබා ගැනීම ඉලක්ක කරමින් විවිද දේශපාලන පක්ෂ විවිද ප්‍රයෝග භාවිත කරනු ලබනවා.

ඒ අනුව එක් දේශපාලන පක්ෂයක් ශ්‍රී ලංකා සීමිත පන්දුවාර නායක දසුන් ශානකගේ රුව භාවිත කරමින් දේශපාලන ප්‍රචාරක මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. කෙසේ නමුත් මෙම සිදුවීම මුලික අදියරේදීම දුටු ශ්‍රී ලංකා නායක දසුන් ශානක එක එල්ලේම එයට විරෝදය පල කරමින් තමන් කිසිදු විටක කිසිදු දේශපාලන පක්ෂයක් නියෝජනය නොකරන බවත් ඔහුගේ සැබෑ ආදරය සහ ආශාව රට වෙනුවෙන් ක්‍රීඩා කිරීම පමණක් බවත් පෙන්වා දී තිබෙනවා.

ඒ පිළිබඳව දසුන් ශානක සිය නිල ට්විටර් ගිණුමේ තැබූ සටහනේ සිංහල පරිවර්තනයක් පහතින්,

” දේශපාලන පක්ෂ ප්‍රචාරණයක් සමග මාගේ රූපය සංසරණය වන බව මා දුටුවෙමි. මම කිසිම දේශපාලන පක්ෂයකට නැඹුරුවක් නැ..මගේ එකම සැබෑ ආදරය සහ ආශාව මගේ රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමයි.”

දසුන් ශානක තැබූ ට්විටර් සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7