Cricket NewsEXCLUSIVEInternationalMatch Review

Temba Bavumaගේ ඉවසිලිවන්ත ඉණිමත්, David Millerගේ ගිණිකෙලි සැණකෙලියත් හේතුවෙන් ප්‍රභල එංගලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 347ක් හඹා යමින් දකුණු අප්‍රිකානුවන් තරඟය ජය ගනී.!

එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන තරඟ 3කින් සමන්විත එක්දින තරඟාවලියේ ඊයේ පැවති දෙවන තරඟයේ දී ලකුණු 343ක දවන්ත ඉලක්කය සාර්ථකව හඹා යමින් තවත් තරඟයක් ඉතිරිව තිබියදීම 2-0ක් ලෙස තරඟාවලිය ජයග්‍රහණය කිරීමට දකුණු අප්‍රිකාව සමත් වුනා.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකානු නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා එංගලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියා.

එ අනුව පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 342ක් රැස් කිරීමට සමත් වුණා.

එංගලන්තය වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ නායක Jos Buttler පන්දු 82කදී ලකුණු 94ක් වාර්තා කිරීමට සමත් වුනා. Harry Brook ලකුණු 84ක් රැස් කළ අතර Moeen Ali ලකුණු 51ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී Anrich Nortje කඩුලු දෙකක් බිඳ හෙලීමට සමත් වූනා.

ඒ අනුව ලකුණු 343ක දැවැන්ත ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි දකුණු අප්‍රිකා පිතිකරුවන් පන්දුවාර 49.1ක් අවසානයේ කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 347ක් වාර්තා කර තරඟය ජයග්‍රහණය කළා.

දකුණු අප්‍රිකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Temba Bavuma පන්දු 102ක් තුල වෙගවත් ලකුණු 109ක් රැස් කල අතර David Miller වේගවත් ලකුණු 58ක් රැස් කළා.

පන්දු යැවීමේදී Olly Stone සහ Adil Rashid කඩුලු දෙක බැගින් දවා ගැනීමට සමත් වුනා.

තරඟාවලියේ නවතම ප්‍රසාද ලකුණු සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button