Cricket NewsEXCLUSIVE

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාවට සමු දුන් සුරංග ලක්මාල්ට විරාට් කෝලි ඇතුළු ඉන්දීය කණ්ඩායමෙන් ලැබුණු උණුසුම් ප්‍රතිචාර..

ලෝක ටෙස්ට් ශූරතාවලියට අනුයුක්තව පැවැත්වුනු තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලිය අද දින අවසන් වුයේ ශ්‍රී ලංකාවට ලකුණු 238ක දැවැන්ත පරාජයක් සමග 2-0ක් ලෙස තරඟාවලි පරාජයක් ද උරුම කරමිනි.

අද දිනයේදි ශ්‍රී ලංකාවෙන් බිහි වූ තවත් විශිෂ්ඨ වේග පන්දු යවන්නෙකු වන සුරංග ලක්මාල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දෙනු ලැබුවා.

මෙම තරගයේ පළමු ඉනිමේ දී එක් කඩුල්ලක් දවා ගැනීමට සුරංග ලක්මාල් සමත් වු අතර දෙවැනි ඉනිමේ දී ඔහුට කඩුල්ලක් දවා ගැනීමට අවස්ථාවක් ලැබුනේ නැහැ.

ඒ අනුව ඔහු සිය ටෙස්ට් පන්දු යැවීම අවසන් කරනු ලැබුවේ ටෙස්ට් තරග 70කදී කඩුලු 171ක් දවා ගනිමිනි වන තර එය සටහන් වන්නේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ඉතිහාසයේ වැඩිම ටෙස්ට් කඩුලු ලබාගත් සිව් වන ක්‍රීඩකයා බවටයි.

ශ්‍රී ලංකා දෙවන ඉණිමේ පිතිකරණයේ යෙදීමට පිටියට පිවිසි සුරංග ලක්මාල් දැවී ගිය පසු ඉන්දීය ක්‍රිකට් ක්‍රිඩකයන් ලක්මාල් අසලට පැමිණ ඔහුට සුභ පතන ආකාරය දක්නට ලැබුනේ මත්වරුන්ගේ ක්‍රීඩාව ලෙසින් සැලකෙන ක්‍රිකට් ක්‍රීඩාවේ මහත්මා ගතිය නැවතත් පිළිබිඹු කරමිනි.

ඒ බව ඉන්දීය ක්‍රිකට් නිළ Facebook පිටුවේද මෙලෙස පළ කර තිබුනා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7