Cricket NewsEXCLUSIVE

වසර 8කට පසුව හෙට ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහී බස් රථයෙන් වීදි සංචාරයට සියල්ල සුදානම් – ආසියානු ශුරයන්ව පිළි ගැනීමට ක්‍රිකට් රසිකයන්ට අවස්ථාව.!

ආරම්භයේ පටන්ම අතිශය උණුසුම් මුහුණුවරක් ගත් ආසියානු කුසලාන තරගාවලියේ ඊයේ පැවති අවසන් මහා තරගයෙන් පාකිස්තාන කණ්ඩායම පරාජය කළ දසුන් ශානක ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම වසර 8කට පසුව ආසියානු කුසලානයක පහස නැවතත් ශ්‍රී ලංකාවට හිමි කර දීමට සමත් වුයේ Super 4 වටයේ අපරාජිතත්වය දිගින් දිගටම පවත්වාගනිමිනි.

ලොව පුරා ක්‍රිකට් විචාරකයන් මෙම තරඟයේ අතිශය තීරණාත්මක සාධකයක් බව සඳහන් තරගයේ කාසියේ වාසිය ද පකිස්ථානය ජය ගත් පසුබිමක ශ්‍රී ලංකාව ලැබු මෙම ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයක් වනවා.

ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායම හෙට පෙරවරු 04.45 ට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලින් දිවයිනට පැමිණෙන අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඔවුන්ව පිළිගනු ලැබේ.

ගුවන් තොටුපළේදී එම පිළිගැනීමේ උත්සවයෙන් පසු කණ්ඩායම ජයග්‍රාහී පෙළපාලියකට සහභාගී වන අතර ශ්‍රී ලංකා කණ්ඩායම රැගත් ‘ඩබල් ඩෙකර්’ බස් රථය කොළඹ-කටුනායක සාමාන්‍ය මාර්ගය ඔස්සේ පැමිනෙන අතර එයට ක්‍රිකට් රසිකයන්ට සම්භන්ද වීමට හැකියාව ඇත. හෙට පෙරවරු 06.30 ට ගුවන් තොටුපළ පරිශ්‍රයෙන් පෙළපාලිය ආරම්භ කෙරේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button