Cricket NewsEXCLUSIVEIPLMatch Review

තරඟ 9කට පසුව Mumbai Indians කණ්ඩායම මෙවර IPL තරඟාවලියේ ප්‍රථම ජයග්‍රහණය Rajasthan Royals කණ්ඩායමට එරෙහිව වාර්තා කරයි.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර අද තරගාවලියේ 44වන තරගය ලෙස Rajasthan Royals කණ්ඩායම සහ Mumbai Indians කණ්ඩායම් අතර පැවති තරඟයෙන් කඩුලු 5ක ජයක් හිමිකර ගනිමින් මෙවර තරඟාවලියේ ප්‍රථම ජයග්‍රහණය වාර්තා කිරීමට Mumbai Indians කණ්ඩායම අද සමත් වුනා.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් Mumbai Indians නායකයා ප්‍රථමයෙන් පන්දුවටපහර දීම සඳහා Rajasthan Royals කණ්ඩායමට ආරාධනා කර සිටියා.

එ අනුව පන්දුවට පහර දුන් Rajasthan Royals කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 158ක් රැස් කිරීමට සමත් වුණා.

Jos Buttler අද දිනයේත් විශිෂ්ට ඉනිමක් දියත් කරමින් පන්දු 52ක් තුල ලකුණු 67ක් වාර්තා කිරීමට සමත් වුනා. ඔහුගේ ඉනිමට දැවැන්ත හයේ පහර 4ක් සහ හතරේ පහර 5ක් වාර්තා වුවා.

Ravichandran Ashwin ලකුණු 21ක් රැස් කළ අතර Daryl Mitchell ලකුණු 17ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී Riley Meredith සහ Hrithik Shokeen කඩුලු දෙක බැගින් බිඳ හෙලීමට සමත් වූනා.

ඒ අනුව ලකුණු 159ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Mumbai Indians පිතිකරුවන් පන්දුවාර 19.2ක් අවසානයේ කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 161ක් වාර්තා කර තරඟය ජයග්‍රහණය කළා.

Mumbai Indians ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Suryakumar Yadav පන්දු 39ක් තුල වෙගවත් ලකුණු 51ක් රැස් කල අතර Tilak Varma ලකුණු 35ක් රැස් කළා.

පන්දු යැවීමේදී Trent Boult, Prasidh Krishna, Ravichandran Ashwin, Yuzvendra Chahal සහ Kuldeep Sen එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වුනා.

තරඟාවලියේ නවතම ප්‍රසාද ලකුණු සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button