Cricket NewsEXCLUSIVEInternational

2026 වසරේ 20-20 ලෝක කුසලාන තරගාවලියෙ සත්කාරකත්වය ශ්‍රි ලංකාවට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් 2026 වසරේ 20-20 ලෝක කුසලාන තරගාවලිය පිළිබඳව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනය මගින් ඔවුන් සඳහන් කරන්නේ සත්කාරකත්වයද සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම 2026 වසරේ 20-20 ලෝක කුසලාන තරගාවලිය සඳහා ඍජුවම සුදුසුකම් ලබාගෙන ඇති බවයි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විධායක මණ්ඩල රැස්වීමේ දී මෙම තීරණය ගෙන ඇත.

2026 ක්‍රිකට් ලෝක කුසලානයට අදාළ තරග ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට තීරණය කර ඇති පසුබිමක මේම නිවේදනය නිකුත් කර ඇත.

ඒ අනුව නිසැකයෙන්ම ශ්‍රී ලංකාව මෙම තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීම විශේෂත්වයකි. 2026 පෙබරවාරි, මාර්තු වල පැවැත්වෙන් මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් 20ක් තරග 55ක් ක්‍රීඩා කිරීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button