Cricket NewsEXCLUSIVEInternational

තත්පර 60කදී ඕව­රය ආරම්භ වී නැත්නම් ලකුණු 5ක දඩ­යක් පැනවීමට ජාත්‍ය­න්තර ක්‍රිකට් කවු­න්සි­ලය සූදා­නම් වෙයි

සීමිත ඕවර ක්‍රිකට් තර­ග­ව­ලදී එනම් එක්දින සහ විස්සයි 20 ක්‍රිකට් තරග ආකෘ­ති­වල නව ඔර­ලෝසු රීති­යක් ක්‍රියා­ත්මක කිරී­මට ජාත්‍ය­න්තර ක්‍රිකට් කවු­න්සි­ලය සූදා­නම් වෙයි. මෙම රීතිය එක්දින සහ විස්සයි 20 ආකෘති දෙකෙ­හිම කාලය කළ­ම­නා­ක­ර­ණය සඳහා අදාළ වන බව අයි­සී­සීය සඳ­හන් කර සිටී.

නැව­තුම් ඔර­ලෝසු රීති­යට අනුව පන්දු යැවීමේ කණ්ඩා­යම ඕව­ර­යක් නිමවා ඊළඟ ඕව­රය තත්පර 60ක් ඉක්මවා යෑමට පෙර ආරම්භ කළ යුතුය. එසේ කිරී­මට අපො­හො­සත් වන කණ්ඩා­ය­මට දඩ­යක් නියම කරනු ලැබේ.

පිටියේ විනි­සුරු විසින් තත්පර 60කින් ඕව­රය ආරම්භ නොවන පළමු අවස්ථා දෙකේදී අන­තුරු ඇඟ­වීම් 2ක් ලබා දෙනු ඇත. ඉන් පසු සිදු කරන තෙවැනි වරදේ දී පන්දු යවන කණ්ඩා­ය­මට ලකුණු 5ක දඩ­යක් නියම කොට පන්දු­වට පහර දෙන කණ්ඩා­ය­මට එම ලකුණු එකතු කෙරේ.

සෑම ඕව­ර­ය­කින්ම පසු ක්‍රීඩාං­ග­ණයේ සවි කර ඇති රූප­වා­හිනී තිර­වල තත්පර 60ක ගණන් කිරීම තුන්වන විනි­සුරු පාලක මැදි­රියේ සිට සිදු­ක­රනු ලබයි. එය දැනට ක්‍රියා­ත්මක රූප­වා­හිනී විනි­සුරු තීරණ විම­සීමේ ක්‍රම­වේ­දය (DRS) සිදු කරන ආකා­ර­යට සමාන වේ. ලබන ජුනි මාසයේ පැවැ­ත්වෙන විස්සයි 20 ලෝක කුස­ලාන තර­ගා­ව­ලි­යේදී මේ ඔර­ලෝසු රීතිය ස්ථීරව ආරම්භ කිරී­මට අයි­සී­සීය කට­යුතු යොදා ඇත.

පිති­ක­රු­වෙක් පෙර කඩුල්ල බිඳ වැටී­මෙන් තත්පර 90ක් ඇතු­ළත පිටි­යට පිවි­සිය යුතු හෙයින් පිති­ක­රණ කණ්ඩා­යම සඳහා ද එවැ­නිම රීති­යක් දැනට ක්‍රියා­ත්මක වේ. එවැනි අව­ස්ථා­ව­කදී පන්දු යැවීමේ කණ්ඩා­යම අභි­යා­චනා කිරී­මට තීර­ණය කළ­හොත් පම­ණක් පිති­ක­රු­වාගේ දැවී යෑම තීර­ණය කළ හැකිය. පසු­ගිය වසරේ ඉන්දි­යාවේ පැවති එක්දින ලෝක කුස­ලා­නය අත­ර­තුර, බංග්ලා­දේ­ශයේ අභි­යා­චනා කිරීම හේතු­වෙන් කල් ඉකුත් වූ පළමු ක්‍රීඩ­කයා බවට ඇන්ජලෝ මැතිව්ස් පත්විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button