Cricket NewsEXCLUSIVE

Tabraiz Shamsi වනිඳුව අභිබවා පියවරක් තබයි – 2021 වසරේ සිට මේ දක්වා වැඩිම කඩුලු Shamsiගේ නමට ලියැවෙයි.!

පසුගිය වසරක පමණ කාලය තුල විස්සයි -20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි වනිඳු හසරංග හා දකුණු අප්‍රිකානු ක්‍රීඩක Tabraiz Shamsi අතර සීතල යුද්ධයක් නිර්මාණය වෙමින් තිබුණි. පසුගිය වසරේදී වනිඳු හසරංග කඩුලු 36 ක් දවාගනිද්දී Tabraiz Shamsi ද කඩුලු 36 ක් විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟ තුලදී දවාගන්නට සමත්කම් දැක්වීය.

කෙසේ නමුත් අයර්ලන්තයට එරෙහිව නිමාව දුටු තරඟයේදී Shamsi වනිඳු හසරංගව පසු කර ගියේය. 2021 වසරේ සිට මේ දක්වා වැඩිම කඩුලු ලාභියා ව සිටි ශ්‍රී ලංකා ක්‍රීඩක වනිඳු හසරංග දවාගෙන තිබූ කඩුලු සංඛ්‍යාව 46 කි.පෙරේදා Tabraiz Shamsi විසින් අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව කඩුලු දෙකක් බිඳ දමන්නට සමත් වූ අතර ඔහු එම සටහනේ පෙරමුණ ගත්තේ කඩුලු 47 ක් දවාගනිමිනි.

එම ලැයිස්තුවේ තුන් වැන්නා ලෙසින් සිම්බාබ්වේ ක්‍රීඩක ලූක් ලොන්ග්වේ රැඳී සිටින අතර ඔහු දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 41 ක්

මේ වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි-20 තරඟ 11 ක් ක්‍රීඩා කල නමුත් වනිඳු හසරංග ක්‍රීඩා කලේ තරඟ 5 ක් පමණයි.එහිදී ඔහු කඩුලු 10ක් දවාගෙන ඇති අතර ඔහුගේ හොඳම පන්දු යැවීම ලෙස ලකුණු 33 කට කඩුලු 4 ක් බිඳ දැමිම සටහන් විය.

ශම්සි මේ වසරේදී කඩුලු 11 ක් ලබාගන්නේ තරඟ 8 ක් වැයකරමිනි. අවසන් වසරේදී කඩුලු 36 ක් ලබා සිටි හසරංගව Tabraiz Shamsi පසුකර ගියේ මේ වසරේදී කඩුලු 11 ක් ලබාගැනීමත් සමඟය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button