Cricket NewsEXCLUSIVE

“දසුන් ගොඩක් පරාර්ථකාමීයි..එයා, එයා ගැන හිතන්නෙම නැ, ටීම් එක ගැන සෑහෙන හිතන කෙනෙක්” – නවීඩ් නවාස් මහතා

ශ්‍රි ලංකා උප පුහුණුකරු සහ පිතිකරන පුහුණුකරු වෙන නවීඩ් නවාස් මහතා ශ්‍රි ලංකා ක්‍රීඩකයින් ගැන සහ ආසියානු කුසලානය පිලිබඳ ඔහුගේ වටිනා අදහස් කිහිපයක් දැක්වූ වා.

නවාස් මහතා මෙහිදී ශ්‍රි ලංකා නායකයා දසුන් ශානක ගැන වටිනා ඇගයීමක් කල අතර මහත් විශ්වාසයක් ඔහු වෙනුවෙන් ගොඩ නැගුවා.

“මං හිතන්නේ එයා වර්ධනය වෙනවා. මං ඕස්ට්‍රේලියානු තරගාවලියේ දැක්කට වඩා එයා හොදට කැප්ටන්සිය කරා ආසියානු කුසලානයේදී.

ලීඩර් කෙනෙක් හැටියට මං එයාගේ දකින හොදම දේ තමයි එයා ගොඩාක් පරාර්ථකාමියි. එයා ගැන හිතන්නෙම නැ ගොඩාක් වෙලාවට. සමහර වෙලාවට මං එයාට කියනවා එයාගේ ගේම් එක ගැන තව පොඩ්ඩක් අවධානය දෙන්න කියලා. මොකද එයා ටීම් එකේ අනිත් හැමෝම ගැනම සමීපව හිතන කෙනෙක්. මං හිතන්නේ නායකයෙකුට තියෙන්න ඕනි දේවල් ගොඩාක්ම එයාට තියෙනවා. එයා ටීම් එක ගැන සෑහෙන හිතන කෙනෙක්.

මං හිතන්නේ ක්‍රීඩකයින්ගේ විශ්වාසයත් එයාට එන්න එන්න වැඩියෙන් ලැබෙයි ඉස්සරහට යද්දි. දසුන්ට සෑහෙන අත්දැකීම් තියෙනවා. නායකයෙක් විදිහට මං හිතනවා එයා හොදට කරනවා කියලා.

එසේම මේ දිනවල අසාර්ථක වී සිටින චරිත් අසලංක ගැනද ඔහු ප්‍රකාශ කලා.

“චරිත්ගේ එහෙම කියන්න තරම් ලොකු ටෙක්නිකල් ඉෂූ එකක්වත් එහෙම කිසි දෙයක් නැ. අපි ඔක්කොම දන්නවා එයා හොද පිතිකරුවෙක් කියලා. නමුත් එයා පොඩි Bad Run එකක යනවා. ”

මීට අමතරව වැදගත් උත්තරයක් ඔහු ලබා දුන්නා. ඒ පසුගිය ආසියානු කුසලානයේ කාසිය වාසිය ජයග්‍රහණය කරන කන්ඩායම තරගය ජයග්‍රහණය කරා. කෙසේ නමුත් ශ්‍රි ලංකා නායකයා අවසාන තරගයේදී කාසිය වාසිය පරාජය වුනා. ඒ අවස්ථාවේ කන්ඩායමේ පිතිකරනය කෙසේදැයි සිදු වුයේ වග ඔහු මෙසේ ප්‍රකාශ කර සිටියා.

“කලින් දවසේ ඉදන් අපි batting meeting එකේ කතා වෙච්චි දෙයක් තමයි ඔක්කොම ඔලුව හදාගෙන ඉන්න first bat කරන්න කියලා. අපි දන්නවා ටොස් එක දින්නොත් අපි ෆීල්ඩ් කරනවා කියලා. හැබැයි අපි ප්ලෙයර්ස්ලාට කියලා තිබ්බේ ඔයගොල්ලෝ ඔලුව හදාගෙන ඉන්න first bat කරන්න.

හැබැයි අපි තව දෙයක් දැනන් හිටියා අපි ෆස්ට් බැට් කරොත් අපේ විකට්ස් හතරක් විතර කලින් වැටෙනවා කියලා. ඒක ඩුබායි වල ඒ විකට් එකේ සාමාන්‍යය දෙයක්. ගහපු හොද මැචස් වල ගත්තොත් ෆස්ට් බැට් කරන ටීම් එකේ විකට්ස් වැටෙනවා කලින්. ඒක ඒ ග්‍රවුන්ඩ් එකේ ඒ විකට් එකේ විදිහ. විකට් එක උදේ බෝලර්ස්ලට හෙල්ප් කරනවා ටිකක් ගහන්න අමාරුයි. ඉතිං අපි දැනගෙන හිටියා ඒක වෙනවා කියලා.

හැබැයි අපි තව දෙයක් දැනගෙන හිටියා අනිවාර්යයෙන්ම ඕවර දහයක් ගහන්න අපේ බැට්ස්මන්ලා දෙන්නෙක් සෙට් වුනොත් ඇති කියලා. සාමාන්‍යයෙන් පලවෙනි ඕවර දහයට ගහන්න ලකුණු 80ක් වගේ බලනවා ටී ටුවෙන්ටි ගේම් එකක. නමුත් ඩුබායි වල ෆස්ට් බැට් කරොත් පලවෙනි ඕවර දහයට ඔයාට ලකුණු 60ක් ලැබෙන්න පුළුවන්. හැබැයි අන්තිම ඕවර දහයට සීයක් බලන්න පුළුවන්. මොකද ඩුබායි වල පැටන් එකේ වෙනස තමයි හැම වෙලේම පලවෙනි ඕවර හයට ලැබුනු ලකුණු ප්‍රමාණය ගොඩාක් අඩුයි. පලවෙනි දහයටත් අඩුයි. නමුත් අන්තිම ඕවර පහට හැත්තව අසූව හැම මැච් එකේම ගියා. ඉතිං අපි දන්නවා Back end එකේ අපිට රන්ස් තියෙනවා. අපිට පලවෙනි ෆේස් එකයි මිඩ්ල් ෆේස් එකයි අපි මැනේජ් කරන්න ඕනි. මොකද අපිට ඕනි හැමවෙලේම අන්තිම ඕවර හය වෙනකොට භානුක , දසුන් , වනිදු , චාමික ඔය හතර දෙනාගෙන් දෙන්නෙක් අනිවාර්යයෙන් ඉන්න ඕනි මැච් එක ඉවර කරන වෙලාව වෙනකොට. ඉතිං ඒක තමයි අපි බලාපොරොත්තු වුනේ. ඒක හරියටම වුනා.”

– Rishie Bro

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7