Cricket NewsEXCLUSIVEInternational

ILT ක්‍රිකට් තරගාවලියේ කුසල් ජනිත් සහ විජයකාන්ත් වියස්කාන්ත් ක්‍රීඩා කරන මුම්බායි කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි.

ඩුබායිහිදී පැවැත්වෙන ජාත්‍යන්තර ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ ස්ථානයක් වෙන් කර ගැනීමට කුසල් ජනිත් පෙරේරා සහ විජයකාන්ත් වියස්කාන්ත් ක්‍රීඩා කරන මුම්බායි ඉන්දියන්ස් එමිරේට්ස් කණ්ඩායම සමත් විය.

පෙරේදා රාත්‍රියේ ඩුබායිහිදී පැවති අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමේ පළමු තරගය (Qualifier 1) ලකුණු 45කින් ජය ගනිමින් මුම්බායි පිල මේ අවස්ථාව උදා කර ගත්තේය.

මේ තරගයෙන් පරාජය වූ ගල්ෆ් ජයන්ට්ස් පිල ඊයේ රාත්‍රියේ දසුන් ශානක ක්‍රීඩා කරන ඩුබායි කැපිටල්ස් සමඟ දෙවැනි සුදුසුකම් ලබා ගැනීමේ (Qualifier 2) තරගයට ක්‍රීඩා කිරීමට නියමිතව තිබිණි.

පෙරේදා තරගයේ පළමුව පන්දුවට පහරදුන් මුම්බායි පිල කඩුලු 7ක් දැවී ලකුණු 163ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස ජයන්ට්ස් පිලට ඕවර 18.2කදී සියල්ලන් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 118ක් පමණි.

ලකුණු 31ක් රැස් කළ ක්‍රිස් ජෝර්ඩන් ජයන්ට්ස් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා විය. පන්දු යැවීමේදී විජයකාන්ත් වියස්කාන්ත කඩුලු 3ක් බිඳ දැමූ අතර, අකීල් හුසේන් සහ වකාර් සලාම්කීල් කඩුලු 2 බැගින් දවා ගත්හ.

පළමු පන්දුවට පහරදුන් මුම්බායි පිල වෙනුවෙන් කුසල් ජනිත් පෙරේරා පන්දු 17කින් ලකුණු 22ක් රැස් කළ අතර, නිකෝල්ස් පූරාන් ලකුණු 36ක් සහ ඩේවේන් බ්‍රාවෝ ලකුණු 30ක් ඉනිමට එක් කළහ.

මේ තරගාවලියේ අවසන් තරගය හෙට (17) පැවැත්වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
2
+1
1
+1
1
+1
1
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button