Cricket NewsEXCLUSIVEIPL

IPL ශුරයන් තීරණය කරන Gujarat Titans හා Rajasthan Royals අතර පැවැත්වෙන අති උත්කර්ෂවත් අවසන් මහා තරඟය අදයි.!

පසුගිය මාර්තු 26 වනදා අති උත්කර්ෂවත් අයුරින් ආරම්භ වූ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සැලකෙන්නේ ලොව ඉහළම වාණිජ වටිනාකමක් දරන ප්‍රිමියර් ලීග් තරගාවලිය ලෙසටයි.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසක් ද ක්‍රීඩා කළ අතර තරඟාවලිය පුරාවට සුපිරි දස්කම් දැක්වීමට ඔවුන් සමත් වූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය පිලිබඳ සුභවාදී ආකල්ප රැසක් ශ්‍රී ලාංකීය ක්‍රිකට් රසිකයන් ගේ සිත් තුළ ඇති කරමිනි.

එවන් සාර්ථක ආරම්භයක් සමග ආරම්භ වූ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද රාත්‍රී 7.30ට Ahambadbad හි නරේන්ද්‍ර මෝදි ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට නියමිතයි.

ඒ මෙවර තරගාවලියට අලුතින් ම එක් වූ Gujarat Titans කණ්ඩායම සහ වසර 14කට පසුව අවසන් මහා තරගයකට පිවිසි Rajasthan Royals කණ්ඩායම සමඟයි.

මෙවර තරගාවලියට අලුතින් ම එක් වූ Gujarat Titans කණ්ඩායම මෙවර ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රථම ස්ථානයේ සිට අවසන් මහා තරගයට පිවිසි අතර හාර්දික් පාණ්ඩයා නායකත්වය දරනවා.

Sanju Samson ගේ නායකත්වයෙන් අවසන් මහා තරඟයට පිවිසෙන Rajasthan Royals කණ්ඩායමේ කුමාර් සංගක්කාර විසින් ප්‍රධාන පුහුණු කාරිත්වය සහ කණ්ඩායමේ අධ්‍යක්ෂක ධුරය දරන අතර ලසිත් මාලිංග වේගපන්දු පුහුණුකරු ධුරය හොබවනවා.

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන ඉන්දීය ප්‍රිමියර් ලීග් 2022 ශූරතාවය ජයග්‍රහණය කරන්නේ කවුරුන්දැයි තීරණය අද රාත්‍රියේ ‍ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට දැක ගැනීමට හැකි වේවි.

අද තරඟයට ක්‍රිඩා කරන සංචිත පහතින්

Gujarat Titans –

Wriddhiman Saha, Shubman Gill, Matthew Wade (wk), Hardik Pandya (c), David Miller, Rahul Tewatia, Rashid Khan, Ravisrinivasan Sai Kishore, Alzarri Joseph, Yash Dayal, Mohammed Shami

Rajasthan Royals –

Yashasvi Jaiswal, Jos Buttler, Sanju Samson (c & wk), Devdutt Padikkal, Shimron Hetmyer, Riyan Parag, Ravichandran Ashwin, Trent Boult, Prasidh Krishna, Yuzvendra Chahal, Obed McCoy.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button