Cricket NewsEXCLUSIVEMatch Review

ශ්‍රී ලංකා පන්දු බලඇණියේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ සිම්බාබ්වේ පිතිකරුවන් දණ නමයි – ශ්‍රී ලංකාවට ලකුණු 184ක දැවැන්ත ජයක්.!

ශ්‍රී ලංකාව සහ සංචාරක සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම අතර පැවති එක්දින තරගාවලියේ අද පැවති තීරණාත්මක අවසන් තරගය ලකුණු 184ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවකින් ජයග්‍රහණය කරමින් තරඟාවලිය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුලු මොහොතකට පෙර සමත් වූයේ තරඟාවලි ජයක් සමග 2022 වසර අරඹමිනි.

අද තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා නායක දසුන් ශානක ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 254 ක ලකුණු පුවරුවක් ගොඩනැගීමට සමත් වුණා.

විශිෂ්ට පිතිකරණයක නිරත වූ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ලකුණු 55 ක් රැස් කිරීමට සමත් වුණා.

සිය සුපුරුදු පිතිකරන රිද්මය දිගින් දිගටම පවත්වා ගනිමින් චරිත් අසලංක ලකුණු 52ක් රැස් කළ අතර කුසල් මෙන්ඩිස් ලකුණු 36ක් සහ චාමික කරුණාරත්න ලකුණු 30ක් බැගින් රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේදී ‍Richard Ngrava කඩුලු දෙකක් බිඳ හෙළීමට සමත් වුණා.

ඒ අනුව ලකුණු 255ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි සිම්බාබ්වේ පිතිකරුවන්ට පන්දුවාර 24.4ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකිවූයේ ලකුණු 70ක් පමණයි.

සිම්බාබ්වේ පිතිකරුවන් අතරින් ලකුණු 10 සීමාව ඉක්මවා යාමට හැකියාව ලැබුණේ පිතිකරුවන් දෙදෙනකුට පමණක් වීම විශේෂත්වයක් වනවා.

Takuudzwanashe Kaitano ලකුණු 19 ක් රැස් කළ අතර Rayan Burl ලකුණු 15ක් රැස්කිරීමට සමත්වුණා.

අන් කිසිදු සිම්බාබ්වේ පිතිකරුවකුට ලකුණු 10 සීමාව හෝ ඉක්මවා යාමට ශ්‍රී ලංකා පන්දු බලඇණිය ඉඩ ලබා දුන්නේ නැහැ.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ජෙෆ්රි වැන්ඩසේ කඩුලු 4ක් බිඳ හෙලුවා.

දුෂ්මන්ත චමීර සහ රමේෂ් මෙන්ඩිස් කඩුලු 2 බැගින් බිද හෙලමින් සිම්බාබ්වේ කණ්ඩායමට දැඩි පීඩනයක් යොමු කළා.

මහීෂ් තීක්ෂණ සහ චාමික කරුණාරත්න ද එක් කඩුල්ල බැගින් බිඳ හෙලීමට සමත් වුණා.

ඒ අනුව තරගාවලිය 2-1ක් ලෙස ජයග්‍රහණය කළ සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම තරඟාවලිය ජයග්‍රහණය කිරීමට සමත් වුණා.

මෙම තරඟාවලිය ශ්‍රී ලංකා කණ්ඩායම් 2022 වසරේ සහභාගි වූ පළමු තරඟාවලිය වන අතර ඒ අනුව 2022 වසර ජයග්‍රාහීව ආරම්භ කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7