Cricket NewsEXCLUSIVEInternational
Trending

ලෝක කුසලානය ඉලක්ක කරගනිමින්,මධ්‍යම කොන්ත්‍රාත්තුවෙන් නිදහස් වූ ට්‍රෙන්ට් බෝල්ට් යලිත් නවසීලන්ත සංචිතයට !

ඉකුත් වසරේ අගෝස්තු මාසයේදී නවසීලන්ත වේගපන්දු යවන ක්‍රීඩක ට්‍රෙන්ට් බෝල්ට් සිය මධ්‍යම කොන්ත්‍රාත්තුවෙන් නිදහස් වූයේ තම පවුලේ අය සමඟ වැඩි කාලයක් ගත කිරීමට සහ ලොව පුරා ෆ්‍රැන්චයිස් ලීග සඳහා ඇති හැකියාව වැඩි කර ගැනීම සඳහායි.සැලකිය යුතු කාල සීමාවකින් පසුව බෝල්ට් යලිත් නවසීලන්ත ජාතික කණ්ඩායම වෙත පැමිණීමේ ඉහල ඉඩකඩක් ඇති බව අද නවසීලන්ත මාධ්‍ය තුල වේගයෙන් සංසරණය වීම සුලභ දසුනක් විය.

කෙසේ නමුත් මධ්‍යම කොන්ත්‍රාත්තුව හිමි නවසීලන්ත ක්‍රීඩකයින් හට මීලඟ එක්දින ලෝක කුසලාන සංචිතයේ ඉඩ වෙන් කිරීමේදී ප්‍රමුඛතාවයක් දී ඇති බව නවසීලන්ත ක්‍රිකට් හි ඔරධාන විධායක නිලධාරී ඩේවිඩ් වයිට් සඳහන් කලේය.ඔහු මේ බව නවසීලන්ත ගුවන් විදුලි මධ්‍යස්ථානයක් වන Newstalk ZB වෙත පැවසීය.

කෙසේ නමුත් තවදුරටත් අදහස් දක්වමින් ඔහු ට්‍රෙන්ට් බෝල්ට් ඉන්දියාවේ පැවැත්වෙන මීලඟ එක්දින ලෝක කුසලානය සඳහා පැමිණීමේ ඉහළ ඉඩකඩක් තිබෙන බව ඔහු ප්‍රකාශ කලේය.

“අපි පසුගිය සති කිහිපය සහ මාස කිහිපය තුළ ට්‍රෙන්ට් සමඟ බොහෝ සංවාද පැවැත්වුවෙමු,ඔහු ලෝක කුසලානයේදී නවසීලන්තය නියෝජනය නොකළේ නම් මම පුදුමයට පත් වනු ඇත, අපි ඔහු සමඟ ඉතා ධනාත්මක සංවාද පවත්වමු.” යනුවෙනි.

කෙසේ නමුත් බෝල්ට් අවසන් වරට ජාත්‍යන්තර තරඟයක් ක්‍රීඩා කලේ 2022 නොවැම්බරයේදී ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව වටයේදී පකිස්තානයට එරෙහිවය. වසරකට ආසන්න කාලයක් ජාත්‍යන්තර ටෙස්ට් පිටියේදීද බෝල්ට් සක්‍රීය නොවීය.

නමුත් අයිපීඑල් ඇතුළු ලීග් තරඟ තුල ඔහු ක්‍රියාකාරී වීමත් ඉන්දියානු තණතීරු තුල සුදු පන්දුවෙන් හොඳ රිද්මයක සිටීමත් බෝල්ට්ගේ කැඳවීම තුල වඩාත් වාසිදායක තත්වයක් නවසීලන්තයට නිර්මාණය කරදෙන්නේ මැට් හෙන්රි හා කයිල් ජෙමිශන් ආබාධයන්ට ලක්ව තිබෙන පසු බිමකයි !

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
5
+1
0
+1
0
+1
1
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7