Cricket NewsEXCLUSIVEInternational

දික්වැල්ල නම් කිරීම ගැන තේරීම් කමිටු සභාපති තරංග නිදහසට කාරණා කියයි.

” මා මාධ්ය සමඟ මගේ පළමු රැස්වීමේදී ප්රකාශ කළ පරිදි, අපට ආරම්භක පිතිකරුවන් සඳහා විශාල හිඩැසක් තිබේ, ”ක්රිකට් තේරීම් කමිටුවේ සභාපති උපුල් තරංග ඩේලි එෆ්ටී වෙත එසේ පවසා ඇත.
උඩින්ම ඉන්න තුන්දෙනා අතර ෂෙවෝන් ඩැනියෙල් සහ ලසිත් කෲස්පුල්ලේ ඉන්නවා. ෂෙවෝන් මේ කාලය පුරාම අසාර්ථක වූ අතර SSC කණ්ඩායමෙන් පවා ඉවත් කර ඇති අතර දැනට පැවැත්වෙන NSL තරඟාවලියේදී කොළඹ කණ්ඩායමෙන් ද ඉවත් කර ඇත. කෲස්පුල්ලේද එසේමය. අපි ඔහුව උගන්ඩාවට
එරෙහිව ක්රීඩා කෙරවූවා NSL දඹුල්ල වෙනුවෙන් ක්රීඩා කළා, ඔහු ඒ හැම එකකින්ම අසාර්ථකයි.”
“අපි තරුණයෙක් එක්ක යන්න කැමතියි නමුත් අවාසනාවකට මේ දෙන්නා කිසිම හොඳ රිද්මයක් පෙන්නලා නැහැ. මේ තත්ත්වය තුළ අපි නායකයා සහ පුහුණුකරු සමඟ කතා බහක නිරත වුණා එහිදී ඔවුන්ගේ අදහස වූයේ විස්සයි විස්ස ලෝක කුසලානය ගැන සිතා පළපුරුදු පිතිකරුවෙකු සංචිතයට ඇතුළත් කිරීම වඩා හොඳ බව ” තරංග වැඩිදුරටත් පවසා ඇත.
“ආබාධයක් වුණොත් අපිට අතිරේක පිතිකරුවෙක් සංචිතයේ ඉන්න ඕන. අපට ආරම්භක පිතිකරුවන්ගේ ස්ථානයේ විශාල ගැටලුවක් ඇති නිසා අපට නැවත දික්වැල්ල වෙතට යාමට සිදු වුණා . “
Source – daily ft
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
2
+1
0
+1
1
+1
2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button