Cricket NewsEXCLUSIVEInternationalRishie Bro

ඇත්තටම ශ්‍රි ලංකා ක්‍රිකට් වලට වසන්තය ආවද ? – ක්‍රිකට් රසිකයෙක්ගෙ සටහන.

මීට මාස කිහිපයකට පෙර ලෝක කුසලාන පරාජයත් සමගම ශ්‍රී ලංකා ක්‍රිකට් වලට ප්‍රේක්ෂකයින්ගේ දැඩි අප්‍රසාදයක් මතු විය.
අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ලොක්කන් ඊට අපූරු පැලැස්තරයක් ගැසුවේ ය. නායකයින් මාරු කරේ ය. තේරීම් කමිටුව වෙනස් කරේ ය. ප්‍රේක්ෂකයන් ආදරේ කරන සනත් ජයසූරිය , උපුල් චන්දන , උපුල් තරංග වගේ චරිත ඇතුලට ගත්හ.
” දැන් නම් පට්ට… මේක හොදින් හෝ නරකින් හැදෙයි ” වගේ අලුත් ෆීල් එකක් ප්‍රේක්ෂකයන් තුලට කිදා බැස්වීමට හොද උත්සහයක් ගත්තේ ය. ඒ අතරේ ක්‍රිකට් ලොක්කන් එලවීමට කෑ ගැසූ ක්‍රීඩා ඇමතිටද ගෙදර යන්නට විය. අලුත් හිතවත් ඇමතියෙක් ඒ තැනට ආවේ ය. දැන් සියල්ලෝම හොද යහළුවන්ය.
පසුගිය සිම්බාබ්වේ සහ ඇෆ්ගන් තරගාවලි දෙක බැලුවොත් ඇත්තටම දින්නේ අපේ ක්‍රීඩකයින්ටත් වඩා ශ්‍රි ලංකා ක්‍රිකට් ලොක්කන් ය. සිම්බාබ්වේ තරගාවලිය නැරඹීම ප්‍රේක්ෂකයන් පවා අතහැර තිබූ හැටි ඔබට මතක ඇත. නමුත් ඇෆ්ගන් තරගාවලියේදී නැවතත් සුපුරුදු ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගැනීමට ශ්‍රි ලංකා ක්‍රිකට් සමත් විය. ඉතිං සැබැවින්ම දින්නේ ක්‍රිකට් ලොක්කන් ය.
” කුට්ටම නැවතත් ඇනුවේ ය…”
ප්‍රශ්න අමතක ය.
දැන් සියල්ලෝම සතුටින් ය.
මතක තබාගත යුතු කරුණක් ඇත.
මේ ඇනුවේ එකම කුට්ටම ය. තාමත් කුට්ටම එහෙ මෙහෙ කරමින් අනන්නේ අර පරණ එවුන්ම ය.
” වසන්තය උදා වුනා…රෙද්ද… ”
මේ ඉසේ ඇම්මට කොට්ටේ මාරු කරා මෙන් ය. තාමත් ප්‍රශ්න ටික වතුර යට රිංගු රබර් බෝලයක් වැනි ය. ආයෙමත් නැවත ඉක්මනින්ම උඩට මතු වෙනු ඇත.

– Rishie Bro –

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button