EXCLUSIVETrending Article

“මට අවශ්‍ය එක හොද ඉනිමක් විතරයි. ඊට පස්සේ මං දන්නවා කොහොමද ආයෙමත් ස්ථාවර වෙන්නේ කියන එක” – නැවතත් සිය සුපුරුදු රිද්මය සොයා ගත් විරාට් කෝලි

විරාට් කෝලි ගිය අවුරුද්දේ හොඳටම ෆේල් වෙනවා.

2022 ජනවාරි 15, හරියටම ඊයේ වගේ දවසක්, විරාට් කෝලි ඉන්දියාවේ නායකත්වය අත හරිනවා. නායකත්වයේ කටු ඔටුන්න අමතක කරලා ක්‍රීඩකයෙක් විදිහට එයා එයාගේ ගේම් එකට ෆෝක්ස් කරනවා. ඒ කරලා ආසියානු කුසලානයට කෝලි යන්නේ ලොකු බලාපොරොත්තු රාශියක් ඇතුව,

“මට අවශ්‍ය එක හොද ඉනිමක් විතරයි. ඊට පස්සේ මං දන්නවා කොහොමද ආයෙමත් ස්ථාවර වෙන්නේ කියන එක ” මෙහෙම තමයි කෝලි කිව්වේ… ඒ කියලා නිකන් හිටියේ නැ ..කෝලි කම්බැක් එක දෙන්නෙම එයාගේ ක්‍රිකට් ජීවිතයේ මංගල විස්සයි-20 ශතකය රැස් කරලා.

කිව්වා වගේම ඒ ශතකයෙන් පස්සේ කෝලි ආයෙමත් පරණ කෝලි වෙලා නැවතත් ක්‍රිකට් පිටියේ ස්ථාවර වෙලා පෙන්නවා.
හුගාක් අය හුගාක් දේවල් කියලා තිබුනා.පරණ කෝලි ඉවරයි. කෝලිගේ යුගය ඉවරයි වගේ කතා…

හැබැයි කෝලි ආයෙමත් ඇවිත් පෙන්නනවා. ශ්‍රි ලංකාවට එරෙහිව මෙවර එක්දින තරගාවලියේ වැඩිම ලකුණුලාභියා, තරගාවලියේ වීරයා, එක්දින ඉතිහාසයේ පස්වෙනි වැඩිම ලකුණුලාභියා වෙනවා.

ශ්‍රි ලංකාවට එරෙහිව එක්දින ශතක 10ක් ගහපු එකම පිතිකරුවා. විරාට් කෝලී 166* (110) ලකුණු 50 ගහන්නේ බෝල 48කින්, 50 ඉදන් 100 ගහන්න යන්නේ බෝල 37යි, 100 ඉදන් 166 ගහන්න යන්නේ බෝල 25යි, හතරේ පහරවල් 13යි. හයේ පහරවල් 8යි. ප්‍රහාරාත්මක වේගය 150.9යි.

ඒ විතරක් නෙමෙයි, මේ ඉනිමේ තියෙන හොදම දේ තමයි මේ ඉනිම පුරාම තියෙන්නේ ඩොට් බෝල 29ක් විතරයි. පලවෙනි බෝලේ ඉදන්ම අන්තිම වෙනකල් දුවලා ගහපු ඉනිමක්, 16 වෙනි පන්දුවාරයේ ආපු කෝලි පන්දුවාර 50ම බැට් කරනවා. 49 වෙනි පන්දුවාරයෙත් කෝලි බැට් කරේ අලුතින් කඩුල්ලට ආපු පිතිකරුවෙක් වගේ. කිසිම මහන්සියක් නැතුව එකේ ලකුණු දෙකේ ලකුණු බවට පත් කරා.

ඒ ෆිට්නස් එක නෙක්ස්ට් ලෙවල්… මේ චරිතයෙන් ඉගෙන ගන්න දේ බොහොමයි. කෝලි ඉනිමක් Calculate කරන විදිහ,ඒ ෆිට්නස් ලෙවල් එක, ඒ Attitudes සේරම එකම ක්‍රීඩකයෙක්ට පිහිටන්නේ හුගාක් කලාතුරකින්.. කෝලි කියන්නේ හාඩ් වර්ක් කරන ප්ලෙයර් කෙනෙක්.

කවදාවත් ආබාධයක් වුනා කියලා මේ මනුස්සයා ගැන අහලවත් තියෙනවද ? ක්‍රිකට් ෆිට්නස් හොදටම තියෙන කෙනෙක්,ඒවා නිකන් හැදුනේ නැ.. අපේ අය දවසට බෝල කීයක් ප්‍රැක්ටිස් වලදී බැට් කරනවද ? දවසට බෝල කීයක් පන්දු යවනවද ?ක්‍රිකට් ෆිට්නස් හැදෙන්නේ ඒ දේවල් වලින්…

තමන් කරන රස්සාවට කෝලි 200%ක් කැප කිරීම් කරා. සාර්ථකත්වයේ රහස ඒකයි. එහෙම නැත්තම් ලෝකයක් මේ විදිහට බලන් ඉද්දි අර තරම් ෆේල් වෙලා ආයෙමත් කම්බැක් එකක් දෙනවා කියන්නේ ලේසි දෙයක් නෙමෙයි. සමහරු හුගාක් අකමැති කරන චරිතයක්,

ඒ කොහොම වුනත් තවත් ප්ලෙයර් කෙනෙක්ට චරිතයක් දිහා බලලා හැදෙන්න ඕනි නම් මෙන්න මෑන්…මේ කියන්නේ කෝලි වගේ වෙන්න කියලා නෙමෙයි. කෝලි වගේ හාඩ් වර්ක් කරන්න.

කෝලීගේ චරිතය දිහා බලා හැදෙන්න. ගන්න තියෙන හොද දේවල් ගන්න.නැශනල් ටීම් එකට ගියා කියලා “මං දැන් නැශනල් ප්ලෙයර් කෙනෙක්” කියලා බුල ගහන්නේ නැතුව ලෝක මට්ටමේ ක්‍රීඩකයෙක් වෙන්න කෝලි වගේ මහන්සි වෙන්න.
එදාට ඒ ප්ලෙයර් විතරක් නෙමෙයි දිනන්නේ මුලුමහත් දේශයක්ම.

– Rishie Bro තැබූ සටහනක් ඇසුරිණි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7