Cricket NewsEXCLUSIVEIPL

පිතිකරුවා පිටියේ දණ ගස්වමින් දුෂ්මන්ත චමීර යැවූ මෙවර IPL තරඟාවලියේ විශිෂ්ටතම යෝකර් පන්දුව.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර අද තරගාවලියේ සිව්වන තරගය ලෙස IPL තරඟාවලියට අලුතින්ම එක් වූ කණ්ඩායම් දෙක වන Lucknow Super Giants කණ්ඩායම සහ Gujarat Titans කණ්ඩායම් අතර පැවති තරඟයෙන් කඩුලු 5ක ජයක් හිමිකර ගැනීමට Gujarat Titans කණ්ඩායම ඊයේ සමත් වුනා.

තරඟාය් කාසියේ වාසිය දිනාගත් Titans ප්‍රථමායන් පන්දුවටපහර දීම සඳහා Lucknow කණ්ඩායමට ආරාධනා කර සිටියා.

එ අනුව පන්දුවට පහර දුන් Lucknowකණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 158ක් රැස් කිරීමට සමත් වුණා.

ඒ අනුව ලකුණු 159ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා ගිය Gujarat Titans කඩුලු 5ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කර යාමට සමත් වුනා.

කෙසේ නමුත් මෙම තරඟයේදී Lucknow Super Giants වෙනුවෙන් IPL වරම් හිමි කර ගත් ශ්‍රී ලංකා සුපිරි වේග පන්දුයවන ක්‍රිඩක දුෂ්මන්ත චමීරගේ විශිෂ්ට පන්දු යැවීම ක්‍රිකට් විචාරකයන්ගේ පවා දැඩි කතා බහට ලක් වුනා.

එමෙන්න LSG කණ්ඩායම තරඟය පරාජය වීමට බලපෑ ආසන්නතම සිදු වීමද දුෂ්මන්ත චමීරව හරිහැටි කළමනාකරණය කර නොගැනීම බවයි ඔවුන් පෙන්වා දුන්නේ,

දුෂ්මන්ත චමීර මෙහිදී පන්දුවාර 3ක් ක්‍රියාත්මක කල අතර එහිදී කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් වුාය් ප්‍රතිවාදී පිතිකරුවන්ට ලකුණු 22ක් පමණක් ලබා දෙමිනි.

එහිදී චමීර විසින් ලබා ගත් Vijey Shankarගේ කඩුල්ල වැඩි අවධානයකට ලක් වුයේ චමීර විසින් යොමු කල සුපිරි යෝකර් පන්දුවට පිතිකරුවා සම්පුර්ණයෙන්ම අසාර්ථක වීම නිසයි.

ඇතැම් විචාරකයන් එම පන්දුව හැඳින්වුයේ මෙතෙක් IPL 2022 තරගාවලියේ පන්දුයවන්නකු විසින් යොමු කළ විශිෂ්ටතම යෝකර් පන්දුව ලෙසටයි.

චමීරගෙ එම සුපිරි කඩුලු ලබා ගැනීම පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7