Cricket NewsEXCLUSIVEInternational

Joe Root නායකත්වයෙන් ඉවත් කර Ben Stokes නායකයා ලෙස පත් කරන්නයැයි හිටපු එංගලන්ත නායකයෝ පවසයි.

England's big reset is undermined by Joe Root's third-class captaincy | Joe Root | The Guardianඑංගලන්තය සමඟ පැවැත්වුණු තුන්වැනි ටෙස්ට් තරගය කඩුලු 10කින් ජයග්‍රහණය කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුනා. මේ පරාජය සඳහන් වුනේ Root ගේ නායකත්වය යටතේ පරාජය වූ 26 වැනි ටෙස්ට් තරගය ලෙසයි. ඔහු තරග 64ක දී එංගලන්ත කණ්ඩායම මෙහෙයවා තිබෙනවා.

Michael Atherton Slams ECB For Canceling Pakistan Tour, But Allowing Players In IPL

මෙම පරාජයත් සමග හිටපු එංගලන්ත නායක Michael Atherton පවසා සිටියේ මෙවැනි අදහසක්,

“Rootගේ නායකත්වය විශ්වාස කරන්න බැහැ. ඔහුත් අනිවාර්යයෙන්ම ඒක දන්නවා ඇති”,Michael Atherton පවසා තිබුණා. 2021-22 අළුබඳුන කුසලානය පරාජය වූ දා පටන්ම Atherton පවසා සිටියේ Root නායකත්වයෙන් ඉවත් විය යුතු බවයි. “ඔහුගේ කණ්ඩායම දැන් තරගාවලි පහක් පරාජයට පත් වෙලා තිබෙනවා. අවසන් තරග 17න් ඔවුන් ජය ගත්තේ එක් තරගයක් පමණයි.”

Former England captain Nasser Hussain says England can give no excuses after their loss against India

මේ අතර හිටපු එංගලන්ත නායකයෙක් වන Nasser Hussain පවසන්නෙ

“Root නායකත්වයේ මාර්ගයේ අවසානයට පැමිණ තිබෙනවා. වෙනසකින් මේ සේරම ගැටලු විසඳෙන්නේ නැහැ. මේක දුර්වල කණ්ඩායමක් වගේම ඔවුන් මේ අත්විඳින්නේ පළමු පෙළ තරග මගහැරීමේ ප්‍රතිඵල. නමුත් නායකයාට අලුත් දෙයක් කියන්න නැත්තම් කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ මානසිකත්වය හදන්න අලුත් විදියක් නැත්තම්, වෙනත් කටහඬක් හෝ වෙනත් රටාවක් අවශ්‍යයි.”

තවද Nasser Hussain පවසා සිටියේ James Anderson හා Stuart Broad කණ්ඩායමට තෝරා නොගැනීම දුර්වල තීරණයක් බවයි.

England unlikely to pair James Anderson and Stuart Broad in Galle | Sport | The Times

ජුනි 2 වැනිදා නවසීලන්තයට එරෙහිව ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරගාවලියට පෙර එංගලන්ත කණ්ඩායමට නව පුහුණුකරුවෙක් පත් කිරීමට නියමිතයි. ඒ සමඟම නව නායකයෙක් පත් කිරීමට ද ඉඩ තිබෙනවා. Hussain පවසා සිටින්නේ නායකත්වයේ වගකීම Ben Stokes හට හිමි විය යුතු බවයි.

තවද Daily Telegraph වෙත අදහස් දක්වමින් michael vaughan පවසා සිටියේ Root නායකත්වය “හොඳ මදි” බවයි.

This England Team Needs Some Tough Love - Michael Vaughan Calls For ECB To Sign Justin Langer As Head Coach

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7