Cricket NewsEXCLUSIVEInternational

“දකුණු අප්‍රිකාව දිගින් දිගටම මාව නොසලකා හරිද්දි, IPL වල වැඩිම ලකුණු ගහලා මම ඔවුන්ට පෙන්නුවා මම කව්ද කියලා” – Faf Du Plessis

දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ පසුගිය කාලසීමාවේ සිටි සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකු සහ පසුව නායකයකු බවට ද පත් වූ Faf Du Plessis හට මේ වන විට කණ්ඩායමේ සිය නායකත්වය මෙන්ම ස්ථානය ද අහිමි වී ගොස් ඇත්තේ ඉතා අවාසනාවන්ත ලෙසයි.

37 වැනි වියේ පසුවන Faf Du Plessis තවමත් ලකුණු අතර සිටින විශිෂ්ට පිතිකරුවෙකු වන අතර ලොව වටා සුපිරි Premiere League තරගාවලි වල අති දැවැන්ත මුදලට ඔහුව අලෙවි වන්නේ ඔහුගේ විශිෂ්ටත්වය මනාව කියා පාමිනි.

කෙසේ නමුත් පසුගියදා අවසන් වූ විස්සයි-20 ලෝක කුසලාන තරඟාවලියේ දකුණු අප්‍රිකානු සංචිතයේ Faf වෙනුවෙන් ස්ථානයක් වෙන් නොවීම ජාත්‍යන්තර විචාරකයන් අතර පවා දැඩි කතාබහක් ඇති කිරීමට සමත් වුණා

මේ අතර Faf පසුගියදා මාධ්‍ය හමුවක දී විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබුණා.

ඒ දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනයට තමාව අමතක නම් තමා කවුරුන්ද යන්න මතක් කර දීමේ අරමුණින් මෙවර IPL තරගාවලිය ක්‍රීඩා කලා යන්නයි.

මෙවර IPL තරඟාවලියේ දෙවන වැඩිම ලකුණු ලාබියා වීමටද Faf සමත් වුයේ පළමු ස්ථානයට ලකුණු දෙකක් පමනක් පිටුපසින් සිටිමිනි.

වැඩිදුරටත් එහි දී අදහස් දක්වා සිටියි Faf මෙලෙස සඳහන් කර සිටියා,

“මගේ ඉලක්කය වූනේ 2021 IPL තරග මාලාව ආරම්භයේ සිටම ඉහළම ලකුණු ලාභීන් 3 න් දෙනා අතර ඉන්න එක මට පෙන්නන්න අවශ්‍ය වුණා දකුණු අප්‍රිකාවට මාව අමතක වෙලා නම් මම තවමත් කොතරම් හොඳද කියන එක”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7