Cricket NewsEXCLUSIVE

ICC නිළ පිටුවේ පැතිකඩ ජායාරූපය ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රාහී ජායාරූපයෙන් සැරසෙයි.!

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට 2022 වසරේ ලැබුණු පළමු අභියෝගය වූයේ සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම සමග පැවත්වෙන එක්දින ක්‍රිකට් තරඟාවලියයි.

මීට පෙර 2017 වසරේදී සිම්බාබ්වේ කණ්ඩායම ඉදිරියේ 3-2ක් ලෙස ලැබූ අපකීර්තිමත් පරාජය අමිහිරි මතකයන් ද සමග 2022 වසර ජයග්‍රාහීව ඇරැඹීමේ අරමුණින් ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියට පිවිසියා.

එම අභියෝගය 2-1ක් ලෙස ජයග්‍රහණය කළ නවක ක්‍රීඩකයින් ගෙන් සැදුම්ලත් දසුන් ශානක නායකත්වය දරන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2022 වසර ජයග්‍රාහීව ආරම්භ කිරීමට සමත් වුණා.

තරගාවලිය ප්‍රථම තරඟය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වූ අතර නමුත් දෙවන තරගය ජයග්‍රහණය කරමින් නැවතත් තරගාවලියට අවතීර්ණ වීමට සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමත්වුණා.

කෙසේ නමුත් තීරණාත්මක තුන්වන තරගය ජයගත් ශ්‍රී ලංකාව තරගාවලිය 2-1ක් ලෙස ජයග්‍රහණය කිරීමට සමත් වුණා.

මෙම ජයග්‍රහණය අවසානේ කුසලානයද ශ්‍රී ලංකා ක්‍රිඩකයන් කුසලානය සහිතව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ඡායාරූපයක් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලයේ නිල ෆේස්බුක් පිටුවේ පැතිකඩ ජායාරූපයට යෙදීමට ICCය කටයුතු කර තිබෙනවා.

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය එම ඡායාරූපය මෙලෙස සිය පැතිකඩ ඡායාරූපයට යොදා තිබුණා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button