Cricket NewsEXCLUSIVEWoman Cricket

“ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ටෙස්ට් වරම් හිමිකර දුන් ශ්‍රී ලංකා කාන්ත ක්‍රිකට් ඉතිහාසයේ පළමු ටෙස්ට් නායිකාව” – රසාංජලී චන්දිමා සිල්වා

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමෙන් කලකට වරක් ක්‍රිකට් ලෝකයටම දැනෙන්න නම තියන ක්‍රිඩිකාවන් බිහි වෙනවා. වර්තමානයේනම් ඒ චමරි අතපත්තු, ඇය මේ වන විටත් WBBL හි තීරණාත්මකම ක්‍රිඩිකාව බවට පත් වී අවසන්.

නමුත් අපි අද කතාකරන්⁣නෙ නම් චමරි ගැන නෙමෙයි, චමරිලට ග්‍රවුන්ඩ් එක මැදට ගිහින් බය නැතුව හයක් ගහන්න පිච් එක හදපු හිටපු ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා රසාංජලී චන්දිමා සිල්වා ගැන.

ශ්‍රී ලංකාවේ පලමු කාන්තා ක්‍රිකට් නායිකාව වෙන්නෙත් රසාංජලී, ඒ විතරක් නෙමෙයි ලකුණු 57කට කඩුලු 8ක් බිඳ දැමීමේ ක්‍රිකට් ක්‍රිඩාවේ අතිශය දුර්ලබ වාර්තාවකුත් ඇය සතුයි.

වසර 2016, 2017, 2018 යන වසර වලදී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ තේරිම් කමිටුවෙත් සාමාජිකත්වය දැරූ ඇය නවක ක්‍රිඩිකාවන් රැසකට ජාතික කණ්ඩායමේ දොරටු විවර කලේ කාන්තා ක්‍රිකට් ක්‍රිඩාවේ හැරවුම් ලක්ෂ්‍යක් බවට පත් වෙමින්.

ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් නායිකාව වන රසාංජලී චන්දිමා සිල්වාගේ ජන්ම දිනය යෙදී තිබෙන්නෙ අද දිනයටයි (11/26) මාධ්‍යයේ එතරම් කතා බහට ලක් නොවන කාන්තා ක්‍රිකට් ක්‍රිඩාවේ අපහසුම කාලයක කටු ඔටුන්නක් වන් නායකත්වය දැරූ රසාංජලී ඔබට සුභ උපන් දිනයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
4
+1
1
+1
1
+1
4
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button