Cricket NewsDomestic CricketEXCLUSIVE

දඹුල්ල ක්‍රීඩිකාවෝ කාන්තා සුපිරි ලීග එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ කාන්තා සුපිරි ලීග එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට දඹුල්ල ක්‍රීඩිකාවෝ අද (12 වැනිදා) සමත් වූහ. අවසන් මහ තරගයේදී කොළඹ ක්‍රීඩිකාවන්ට එරෙහිව කඩුලු 7 ක පහසු ජයක් වාර්තා කරමින් ඔවුහු එම ශූරතාවට හිමිකම් කීහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 67 ක පහසු ඉලක්කයක් හඹා ගිය දඹුල්ල ක්‍රීඩිකාවෝ, ඕවර 11.2 ක් අවසානයේ කඩුලු 3 ක් පමණක් දැවී ඉලක්කය පසුකර ගියහ. එහිදී ආරම්භක පිතිකාරිණී සඳලි වීරසිංහ හතරේ පහර 3 ක් සමග පන්දු 33 කදී නොදැවී ලකුණු 18 ක් රැස්කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළාය.

කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් කොළඹ කාන්තා කණ්ඩායමට මනුදි නානායක්කාර ප්‍රමුඛ දඹුල්ල පන්දු යවන්නියන්ගේ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ ඕවර 25.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 66 ක් පමණි.

එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ මනුඳි නිලකුණු ඕවරයක්ද සමග ඕවර 6 ක් යවමින් ලකුණු 18 කට කඩුලු 5 ක් දවාගත්තාය. නිමේෂා මධුෂානි ලකුණු 13 කට කඩුලු 3 ක්ද, සත්‍යා සංදීපනී ලකුණු 12 කට කඩුලු 2 ක් ද බිඳහෙළමින් කොළඹ කාන්තා ඉනිම සුනුවිසුණු කර දැමීම සඳහා මනුදිට අනගි සහායක් දුන්හ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7