Cricket NewsEXCLUSIVELPL

“ක්‍රම ක්‍රමයෙන් දියුණුවට පත්වන LPL තරගාවලිය දිනක ලොව හොදම වෘත්තීය ක්‍රිකට් තරගාවලියක් වේවි” – සුපිරි ක්‍රීඩක වසීම් අක්‍රම්

ලංකා ප්‍රිමියර් ලීග් හෙවත් LPL ක්‍රිකට් තරඟාවලිය පිට පිට වසර තුනක් සාර්ථකව පැවැත්වීම සම්බන්ධයෙන් සියලු ගෞරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත හිමිවිය යුතු බව LPL තරගාවලියේ සන්නාම තානාපතිවරයෙකු ලෙස පැමිණි ලෝක පූජිත ක්‍රිකට් තරුවක් වූ වසීම් අක්‍රම් මහතා ප්‍රකාශ කර තිබෙනවා. ක්‍රමයෙන් දියුණුවට පත්වන :LPL ක්‍රිකට් තරගාවලිය ලොව හොදම වෘත්තීය ක්‍රිකට් තරගාවලියක් වනු ඇතැයි ද අක්‍රම් මහතා අනාවැකි පළ කර තිබෙනවා.

වැඩිදුරටත් අදහස් දැක්වූ වසීම් අක්රම් මහතා,

“ මේ වගේ දැවැන්ත තරගාවලියක් වාර තුනක් සාර්ථකව අවසන් කිරීම සම්බන්ධයෙන් සංවිධායකයින්ට ප්‍රශංසාව හිමි කළ යුතුයි. ලෝකයේ ෆ්‍රැන්චයිස් ක්‍රිකට් තරගාවලි බොහොමයක් පවතිනවා. එයින් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය විශේෂයි. කොරෝනා අවධියේදීත් මේ තරගාවලිය පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පියවර ගත්තා. මුලු ලෝකයේම අවධානය දිනාගත හැකි ලෝකයට අලෙවි කළ හැකි සන්නාමයක් නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් අපේ ස්තූතිය පුද කළ යුතුයි“

වත්මන් ආර්ථික අර්බුද අභියෝග මැද මෙම තරඟාවලිය සාර්ථකව ක්‍රියාත්මක කිරීම තුලින් ශ්‍රී ලංකාව පිළිබඳ සංචාරක ආකර්ශනය වැඩි වූ බව ද වසීම් අක්‍රම් මහතා පැවසු අතර ලොව පුරා විශාල සමාගම් LPL සඳහා අවධානයෙන් සිටින අතර, එය මෙම ක්‍රිකට් තරඟාවලියේ ඉදිරි කොටසක් වනු ඇතැයි විශ්වාස කරන අබව ඔහු සඳහන් කර සුටුයා.

“මේ තරගාවලිය අංශ කිහිපයකින් වැඩි දියුණු කළ යුතුයි. තව තවත් විදෙස් ක්‍රීඩකයන් මේ සදහා යොමු කර ගැනීමේ හැකියාව පවතිනවා. පසුගිය වසර තුන ලබාගත් විශාල දියුණුව පුළුල් කළ යුතුයි. වැඩි තරගකාරී බවකින් යුත් තරග සංවිධානය කිරීම මගින් ක්‍රීඩා පිටියට ප්‍රේක්ෂකයින්ගේ ආකර්ශනය වැඩි කළ හැකියි. තණතිලි සකස් කිරීමේදී පිතිකරුවන්ට යෝග්‍ය වීම වැදගත්. ප්‍රේක්ෂකයින් තරග නරඹන්න එන්නේ පිතිකරුවන් ලකුණු ගණනක් රැස් කරනවා බලන්නයි. ඒ වගේම ඒ ලකුණු හඹා යෑමේ රිද්මයටත් ඔවුන් ඇලුම් කරනවා. ඒ නිසා ලකුණු ඇති තණතිලි සැකසීම මේ වගේ තරගාවලි දියුණුවට වැදගත්“ වසීම් අක්‍රම් මහතා පවසා සිටියා.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button