Cricket NewsEXCLUSIVEIPL

IPL තරඟ ඉතිහාසයේ අර්ධ ශතකයක් රැස් කරන ලද වයස්ගතම ක්‍රිඩකයා බවට මහේන්ද්‍ර සින් දෝණි පත් වෙයි.!

ක්‍රිකට් ලෝකේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අද ආරම්භ වූයේ පසුගිය වසරේ ශූරතාවය ජයග්‍රහණය කළ Chennai Super Kings කණ්ඩායම සහ අනුශූරයන් වූ Kolkata Night Riders කණ්ඩායම අතර තරඟය ආරම්භ කරමිනි.

අද පැවැත්වුණු ප්‍රථම තරගයෙන්ම පසුගිය වසරේ ශූරතාව ජයග්‍රහණය කළ Chennai Super Kings පරාජය කරමින් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට අති සාර්ථක ආරම්භයක් ලබාදීමට KKR කණ්ඩායම අද සමත් වුණා.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් Chennai Super Kings කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලූ 5 ක් දැවී ලකුණු 131ක් රැස් කළ අතර ලකුණු එකසිය 132ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පන්දුවාර 18කුත් පන්දු 3ක් අවසානයේ කඩුලූ 4ක් පමණක් දැවී ජයග්‍රහණ ඉලක්කය පසුකර යාමට සමත් වුණා.

මෙහිදී Chennai Super Kings හි වැඩිම ලකුණු ලාභියා වූ හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනි පන්දු තිස් අටක් තුළ ලකුණු 50 ක් රැස්කිරීමට සමත්වුණා.

ඔහුගේ ඉනිමට දැවැන්ත හයේ පහරක් සමග හතරේ පහරවල් 7ක් ඇතුළත් වුණා.

එමෙන්ම මෙම අර්ධ ශතකය මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩකයෙකුගේ පිත්තෙන් වාර්තා වූ ප්‍රථම අර්ධ ශතකය වන අතර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරග බිමේ අර්ධ ශතකයක් ලබාගත් වයස්ගතම ක්‍රීඩකයා බවට පත්වීමටද අද මහේන්ද්‍ර සිං දෝනි සමත් වුණා.

මේ වන විට මහේන්ද්‍ර සිං දෝනි 40 වැනි වියේ පසුවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7