Cricket NewsEXCLUSIVEInternational

ක්‍රිකට් සුළඟ ඇමරිකාවට – විස්සයි-20 තරග 2ක් සඳහා ඉන්දීය කණ්ඩායම එළඹෙන අගෝස්තුවේ ඇමරිකාවට.!

මේ වන විට ලොවපුරා රටවල් රැසක ඉතා වේගයෙන් ජනප්‍රිය වන ක්‍රිකට් ක්‍රීඩාව ඉතා වේගයෙන් ප්‍රචලිත වන අතර තවත් වසර කිහිපයක් යාමට මත්තෙන් ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් සංඛ්‍යාව තවතවත් ඉහළට යා හැකි බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පවා ප්‍රකාශ කර තිබෙනවා.

ක්‍රිකට් ක්‍රීඩාව හඳුන්වනු ලබන්නේ මහත්වරුන්ගේ ක්‍රීඩාව ලෙසටයි.

මේ අතර ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම එළඹෙන අගෝස්තු මාසයේ දී අමෙරිකා එක්සත් ජනපදයේ දී විස්සයි-20 තරග දෙකක් ක්‍රීඩා කිරීමට නියමිතව ඇති බව ඉන්දීය ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි එක්දින තරග 3කින් හා විස්සයි-20 තරග 5කින් යුත් සීමිත පන්දුවාර තරග සංචාරයේ අවසන් විස්සයි-20 තරග දෙක මෙලෙස අමෙරිකාවේ දී පැවැත්වීමට සැලසුම් කර තිඑබ්න බවයි ඉන්දීය මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර සිටින්නේ.

එංගලන්තයේ දී ටෙස්ට් තරගයකට හා සීමිත පන්දුවාර තරග 6කට ක්‍රීඩා කිරීමෙන් අනතුරුව ඉන්දීය කණ්ඩායම කොදෙව් දූපත් බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

කෙසේ නමුත් ඉන්දීය කණ්ඩායමේ කොදෙව් තරග සංචාරයේ තරග කාලසටහන මෙතෙන් නිල වශයෙන් නිවේදනය කර නොමැති අතර ඉන්දියාවට එරෙහි තරගවලින් පසුව කොදෙව් ක්‍රීඩකයින් කැරිබියන් ප්‍රිමියර් ලීග්(CPL) තරගාවලිය සදහා එක්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7