Cricket NewsEXCLUSIVEIPL

IPL හි සුපිරි වෙනසක් – අලුත්ම Ahamedabad කණ්ඩායමේ නායකත්වය හර්දික් පාණ්ඩ්‍යාට, ඉශන් කිෂන්, රශීඩ් ඛාන් ඇතුළු ප්‍රභලයන් රැසක් එක් කරගනී.!

ක්‍රිකට් ක්‍රීඩාවට ඉතා ඉහළ වාණිජමය වටිනාකමක් එක්කල ප්‍රිමියර් ලීග් ක්‍රිකට් හෙවත් ෆ්‍රැන්චයිසස් ලීග් තරඟ මේ වන විට ලෝකයේ දැඩි ආකර්ෂණයක් හිමිකරගෙන තිබෙනවා.

මේ අතර ලෝකයේ වැඩිම පිරිසක් නරඹන මෙන්ම ලොව ජනප්‍රියම ලීග් තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 14 වන අදියර මෙම වසරේ (2022) පැවැත්වීමට නියමිතය.

මේ අතර පෙර තරගාවලි වඩා වෙනස් ආකාරයකින් පැවැත්වීමට සැලසුම් කර ඇති මෙවර තරගාවලියේ කණ්ඩායම් අතරට නව කණ්ඩායම් 2ක් ද ඇතුළත් කර තිබෙනවා.

ඒ Ahamedabad කණ්ඩායම සහ LuckNow කණ්ඩායමේ ද්විත්වයයි.

මේ වන විට IPL හි ක්‍රිඩක වෙන්දේසියටත් ඉතා දැඩි රසික ආකර්ෂණයක් දැනටමත් හිමිව තිබෙනවා.

පසුගිය තරඟ වාරයේදී IPL කණ්ඩායම් නියෝජනය කළ ක්‍රීඩකයින් මෙවර ක්‍රීඩක වෙන්දේසියේදී නැවතත් කණ්ඩායම් අතර බෙදී යන අතර නව කණ්ඩායමක් වන Ahamedabad කණ්ඩායම පෙරළිකාර තීරණ කිහිපයක් සමඟින් IPL 2022 තරඟාවලියේ කැපීපෙනෙන කණ්ඩායම බවට පෙන්වන ලක්ෂණ මේ වන විටත් ක්‍රීඩක වෙන්දේසිය තුළදීම පහළ වී තිබීම විශේෂත්වයක්.

ඒ අනුව මෙවර ඉන්දිය ප්‍රමියලීග් තරඟාවලයේ අලුත්ම ෆැන්චයිස් කන්ඩායමක් වන අහමදාබද් කන්ඩායම සඳහා මුම්බායි ඉන්දියන්ස් සුපිරිම තරු දෙකක්වූ හාර්ඩික් පාන්ඩ්‍යා හා ඉෂන් කිෂන් මෙන්ම සන්‍රයිසස් හයිද්‍රාබාද් සුපිරි තරුවක් වූ රශීඩ් කාන්ව වෙන්දේසියට පෙර මිලදීගෙන තිබෙනවා.

ඉන්දීය ක්‍රිඩා මාධ්‍ය වාර්තා කරන අන්දමට හාර්ඩික් පාන්ඩ්‍යාහට අහ්මදාබාද් කන්ඩායමේ නායකත්වයේ වගකීමද පවරා තිබෙනවා.

ඒ අනුව IPL 2022 තරඟාවලිය ආරම්භ වීමටත් පෙර සිටම ක්‍රිකට් ලෝකයේ දැඩි අවධානයක් මේ වන විටත් ඊට යොමුව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7