Cricket NewsEXCLUSIVEUnder-19

යොවුන් ලෝක කුසලානය හඹා යන යොවුන් සිංහයන් පළමු පෙරහුරු තරඟය ජය ගනිමින් ජයග්‍රාහීව ඉදිරියට.!

වයස 19 න් පහළ කි‍්‍රකට් ලෝක කුසලාන තරගාවලියට සහභාගිවීම සඳහා පසු ගිය දා බටහිර ඉන්දීය කොදෙව් බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ඊයේ (10) අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව සිය පළමු පෙරහුරු තරගයකටක්‍රීඩා කල අතර එහිදී අයර්ලන්ත යොවුන් කණ්ඩායමට එරෙහිව ලකුණු 128 ක පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සමත් වුනා.

කොදෙව් දේශයේ ගයානාහිදී පැවැති මෙම තරගයේ එක් ඉනිමක් වර්ෂාව හේතුවෙන් ඕවර 43 කට සීමා කෙරුනා.

තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ඕවර 43 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 233 ක් ලබා ගැනීමට සමත් විය.

එහිදී සුපිරි පිතිහරඹයක නිරත වූ ෂෙවොන් ඩැනියෙල් පන්දු 72 කදී හයේ පහරක් සහ හතරේ පහර 8 ක් සමග ලකුණු 75 ක් ලබා ගැනීමට සමත් වුවා.

රනුද සෝමරත්න පන්දු 30 කදී හයේ පහර 2 ක් සමග ලකුණු 33 ක්ද, පවන් පතිරාජ පන්දු 32 කදී ලකුණු 25 ක්ද, සදිෂ රාජපක්ෂ පන්දු 51 කදී ලකුණු 22 ක්ද රැස්කරමින් ශ්‍රී ලංකා යොවුන් ඉනිම ගොඩනැගීමට සමත් වුනා.

එහිදී ශ්‍රී ලංකා පිතිකරුවන් තිදෙනෙක්ම දුවද්දී දැවී යෑම්වලට හසුවූ අතර පන්දුවට පහරදෙමින් සිටියදී ආබාධයකට ලක්වීම නිසා සදීෂ රාජපක්ෂට පිටියෙන් ඉවත්ව යෑමටද සිදුවිය.

ඒ අනුව ලකුණු 234 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය අයර්ලන්ත යොවුන් කණ්ඩායම ඕවර 31.4 ක් අවසානයේ ලකුණු 105 කට සීමා කිරීමට ශ්‍රී ලංකා යොවුන් පන්දු යවන්නන් සමත් වුනා.

සෙසු පිතිකරුවන් එකා පිට එකා දැවී යද්දී, පන්දු 86 ක් පුරා සිය කඩුල්ල ආරක්ෂා කරගනිමින් පන්දුවට පහරදුන් ජොෂුවා කොක්ස් හතරේ පහර 3 ක් සමග ලකුණු 44 ක් ලබා අයර්ලන්ත ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටියා.

එහිදී අයර්ලන්ත පිතිකරුවන් 8 දෙනෙකුටම ලකුණු 10 සීමාව ඉක්මවා යෑමටශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක වනුජ සහන් ලකුණු 5 කට කඩුලු 3 ක් බිඳහෙළමින් අයර්ලන්ත මැද පෙළ සුනුවිසුණු කර දැමුවේය.

චමිඳු වික්‍රමසිංහ, උප නායක රවීන් ද සිල්වා සහ මතීෂ පතිරණ කඩුලු 2 බැගින් දවාගනිමින් අයර්ලන්ත කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කිරීම සඳහා වනුජට අනගි සහායක් දුන්නා.

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සහභාගි වන මීළඟ පෙරහුරු තරගය හෙට (12 වැනිදා) උගන්ඩාවට එරෙහිව ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 8.00 ට ආරම්භ වීමට නියමිතය.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7