Cricket NewsEXCLUSIVE

“කුසල් මෙන්ඩිස් ඉන්න නිසා තව අවුරුදු 10කටවත් අපට “නොම්බර 03″ පිතිකරුවෙක් අවශ්‍ය වෙන්නේ නැහැ”- තිළිණ කණ්ඩම්බි

මීට දින දෙදෙකට පෙර ක්‍රීඩා මාධ්‍යවේදී දනුශ්ක අරවින්ද විසින් මෙහෙයවනු ලබන සාකච්ඡාකට හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක වත්මන් SSC කණ්ඩායෙමේ ප්‍රධාන පුහුණු කරු වන තිලිණ කණ්ඩම්බි එක්විය.

පිතිකරුවෙකු ලෙස ජාත්‍යන්තර තරඟ තුල එතරම් ප්‍රභල දස්කම් දක්වන්නට කණ්ඩම්බි අසමත් වූවත් දේශීය පිටිය තුලදී මෙන්ම ලංකා ප්‍රිමියර් ලීග් අධියර දෙකෙහි දීම වඩාත් සාර්ථක පුහුණුකරුවෙකු ලෙසින් තමාගේ කර්තව්‍ය සාර්ථක බව කණ්ඩම්බි පෙන්වීය.

දනුශ්ක අරවින්ද විසින් යොමුකල පැනයකට පිලිතුරු දෙමින් මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ දී පළමු වටයේදී තෙවරක් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ඉදිරියේ පරාජය වීමෙන් අනතුරුව අවසන් මහා තරඟයේදී මෙය වෙනස් කිරීමට සමත් වීම පිළිබඳව අදහස් දක්වමින් කණ්ඩම්බි කියා සිටියේ

“අපි පලවෙනි අදියර ජයග්‍රහණය කරමින් ජයග්‍රාහීව තමයි දෙවන එල්.පී.එල් තරඟාවලියට පැමිණියේ. තවත් එකක්, අපි පලවෙනි තරඟයම පරාජයට පත්වීමත් හේතුවක් වෙන්න ඇති තරඟාවලිය හොඳින් අවසන් කිරීමට හැකිවීම. අපිට තේරෙන්න ගත්තා ගියපාර වගේ නෙමේ මේ පාර හොඳ කණ්ඩායම් ඉන්නවා,

ඒ නිසා අපි හොඳින් තරඟාවලියට සූදානම් වෙන්න ඕනේ කියලා. නමුත් දින කිහිපයක් ගත වුනාට පස්සේ මට තේරුණා තරඟාවලියේ අපිට අභියෝගයක් තියන එකම කණ්ඩායම ගෝල් ග්ලැඩියේටස් කණ්ඩායම කියලා.

අපි අවසන් තරඟයට පැමිණෙන විට ගෝල් ග්ලැඩියේටස් කණ්ඩායමට එරෙහිව තුන්වතාවක්ම පරාජයට පත්වෙලා තිබෙණේ. නමුත් මට විශ්වාසයක් තිබුණා අපි තරඟ තුනක්ම පරාජයට පත්වෙලා හතරවෙනි වතාවටත් පරාජය වෙන එකක් නැහැ කියලා.

අපේ ක්‍රීඩකයින්ව මම හැමතිස්සෙම දිරිමත් කරගෙන තිබුණා. අපේ ක්‍රීඩකයින් හැමෝටම අවශ්‍ය වුණේ කොහොම හරි අපේ කණ්ඩායම තරඟාවලිය ජයග්‍රහණය කරන්න.”

මේ අතර මාස 7 ක පමණ කාලයක් ජාත්‍යන්තර පිටියේ තරඟ තහනමකට ලක්ව සිටි කුසල් මෙන්ඩිස් නැවතත් ලංකා ප්‍රිමියර් ලීගයේ දක්ශතා අතරට පිවිසීමට සමත් වුයේ තරඟාවලියේ වැඩිම ලකුණු ලභියාද වෙමිනි.

කුසල් සිය පළමු පෙල කණ්ඩායමේදී තිළිණ කණ්ඩම්බිගේ පුහුණු කාරීත්වය යටතේ ක්‍රීඩා කරන අතර කුසල් පිළිබඳවද එම වැඩසටහෙනේදී අදසක් දක්වන්න කණ්ඩම්බි අමතක කලේ නැත.

“කුසල් මෙන්ඩිස් කියන්නේ ක්‍රීඩාව පැත්තෙන්, ටැලන්ට් එක පැත්‍තෙන් ගත්‍තොත් ලෝකයේ ඉන්න අතිදක්ශ පිතිකරුවෙක්. අපි ඔහුත් එක්ක කතා කරපු දෙයක් තමයි ඔහුගේ මනස නැවතත් තිබුණ තැනට ගන්නේ කොහොමද කියන එක. කුසල් මෙන්ඩිස් වගේ ක්‍රීඩකයෙක්ව තව ටිකක් ඔපමට්ටම් කරලා ගත්තොත් අපේ ජාතික කණ්ඩායමේ නොම්බර 3 ස්ථානයට තව අවුරුදු 10ක්වත් යනකන් වෙන ක්‍රීඩකයින්ව හොයන්න අවශ්‍ය වෙන්නේ නැහැ.

ඔහුත් දැන් ඒ ගැන වැඩිපුර හිතලා තියනවා. ඔහුටත් තව ගොඩක් දේවල් තියනවා හදාගන්න. මම හිතනවා වසරක් විතර ගතවන විට ලෝකයේ ඉන්න හොඳම පිතිකරුවන් කිහිපදෙනා අතරට කුසල් මෙන්ඩිස් පැමිණේවි කියලා.” යනුවෙන් කණ්ඩම්බි එහිදී සඳහන් කලේය.

සම්පුර්ණ වැඩසටහන පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7