Cricket NewsEXCLUSIVE

ශ්‍රී ලංකාව නජාම් සේතිගේ දෙමුහුන් ආකෘතිය ප්‍රතික්ෂේප කිරීමත් සමඟින් පකිස්තානය ශ්‍රී ලංකා පකිස්තානු එක්දින තරඟාවලිය ප්‍රතික්ෂේප කරයි !

සාම්ප්‍රදායික දේශපාලනය තුල පසමිතුරන් වන ඉන්දියාවත් පකිස්තානයත් යලිත් ගැටෙන්නට පටන් ගත්තේ ආසියානු කුසාලනය කිනම් සත්කාරකත්වයක් යටතේ පවත්වනවාද යන්න පිළිබඳව ප්‍රශ්න කරමින්.තරඟාවලියට සත්කාරකත්වය පකිස්තානය විසින් ලබාදීමට නියමිත නමුත් ඉන්දියාව පකිස්තානයට පැමිණීම ප්‍රතික්ෂේප කරමින් සිටී.

මෙයට පිළියම් වශයෙන් වත්මන් පකිස්තානු ක්‍රිකට් සභාපති වරයා වන නජාම් සේති තරඟ පැවැත්වීම සඳහා දෙමුහුන් ආකෘතියක් ආසියානු ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත යොමු කල අතර එහිදී ශ්‍රී ලංකාව මෙම ආකෘතිය සඳහා සහය පල නොකල බව සඳහන්.

එමෙන්ම ටෙස්ට් ලෝක ශූරතාවලියේ තවත් තරඟ දෙකක් සඳහා පකිස්තානය මෙරට සංචාරය කිරීමට නියමිතව සිටින අතර එම සංචාරයේදීම එක්දින තරඟ කිහිපයක්ද ඇතුලත් කිරීමට දෙරටේම ක්‍රිකට් පාලක මණ්ඩලයන් සුභවාදී සාකච්ඡා සිදු කල බව පකිස්තානු මාධ්‍ය මීට සති කිහිපයකට ඉහතදී වාර්ථා කර තිබුණි.

කෙසේ නමුත් සේති ඉදිරිපත් කල දෙමුහුන් ආකෘතිය ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කිරීමත් සමඟින් පකිස්තානය මෙරටදී පැවැත්වීමට සැලසුම් කල එක්දින තරඟාවලිය ප්‍රතික්ෂේප කර ඇති බව විශ්වාසනීය ක්‍රීඩා ආරංචි මාර්ග කිහිපයක් සඳහන් කර තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button