Cricket NewsEXCLUSIVE

ශ්‍රී ලංකාව සමග තීරණාත්මක තරඟයට පෙර Adam Zampaට කොරෝනා අසාධනය වෙයි – රෝගය දරාගෙන තරඟයට ක්‍රීඩා කිරීමට සැරසෙයි.!

මෙවර ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 තරඟ වටයේ Group 1 කාණ්ඩයේ තීරණාත්මක තරගයක් අද ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙනවා.

මෙම තරගය ඔස්ට්‍රේලියානු කණ්ඩායම මෙවර ලෝක කුසලාන තරගාවලියේ තවදුරටත් රැඳී සිටීම සඳහා අතිශය තීරණාත්මක වී තිබෙන අතර යම් හෙයකින් අද තරගය ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජයට පත්වුවහොත් වර්තමාන විස්සයි-20 ලෝක ශූරයන් වන ඕස්ට්‍රේලියානු කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව මඟ හැරී යනු ඇත.

මේ අතර ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ප්‍රධාන දඟ පන්දු යවන්නා ලෙස ක්‍රීඩා කරන ඇඩම් සම්පා හට ⁣Covid 19 රෝගය වැළඳී ඇති බව ඔස්ට්‍රේලියානු ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

කෙසේ නමුත් අද තරගයට ඇඩම් සම්පා එම රෝගී තත්ත්වය මත ද ක්‍රීඩා කිරීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ. තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද සවස 4.30ට ඕස්ට්‍රේලියාවේ පර්ත් ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7