Cricket NewsEXCLUSIVEUnder-19

සියලු ජාත්‍යන්තර විචාරක දෑස් ආකර්ෂණය කරගනිමින් යොවුන් ලෝක කුසලානයේ පෙරළිකාරයන් වූ සිංහ පෝතකයන් තරගාවලිය නිමා කරයි.!

බටහිර ඉන්දීය කොදෙව් දූපත් හි පැවති වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ පස්වන ස්ථානය රැකගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ පස්වන ස්ථානය සඳහා පැවති තරගයෙන් දකුණු අපිකානු වයස 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම ලකුණු 65කින් පරාජය කරමින්.

මේ තරගයේ පළමු පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු ඕවර 50 තුළදී කඩුලු 6කට ලකුණු 232ක් රැස් කර ගත්තා.

නායකත්වයේ අගනා ඉනිමක් ක්‍රීඩා කළ දුනිත් වෙල්ලාලගේ පන්දු 130 කදී ලකුණු 113ක් රැස් කළ අතර රනුද සෝමතිලක නොදැවී ලකුණු 57ක් ලබාගත්තා.

මේ දෙදෙනා අතරේ පස්වන කඩුල්ල සඳහා ලකුණු 130ක සම්බන්ධතාවක් ද ගොඩනැඟුණා.

පන්දු යැවීමේ දී දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් ක්වේනා ම්පකා කඩුලු 3ක් දවාගත් අතර මැතිව් බෝස්ට් කඩුලු දෙකක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයින් පන්දු ඕවර 37.3ක දී ලකුණු 167 ට දැවී ගියා.

දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් ගෙරඩස් මාරී ලකුණු 44ක් සහ රොනන් හේමන් ලකුණු 34ක් ලබාගත්තා.

පන්දු යැවීමේදී ප්‍රවීන් මැතිව්ස්,රවීන් ද සිල්වා සහ ෂෙවොන් ඩැනියල් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

වනජ සහන් සහ දුනිත් වෙල්ලාලගේ අතරේ බෙදී ගිය කඩුලු සංඛ්‍යාව දෙකක් .

මේ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායමට මේ තරගයෙන් ලකුණු 65ක පහසු ජයග්‍රහණයක් හිමිවුණා.

මෙම තරගයක් සමග වයස අවුරුදු 19 න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායමේ ලෝක කුසලාන චාරිකාව නිමා වනවා.

මෙවර ලෝක කුසලාන තරගාවලිය තුළ දී කැපී පෙනෙන දක්ෂතා ප්‍රකට කළ ශ්‍රී ලංකා කණ්ඩායම අර්ධ අවසන් පූර්ව තරගයේදී නොසිතූ විරූ ලෙස ඇෆ්ගනිස්ථාන කණ්ඩායම හමුවේ ලකුණු හතරක තියුණු පරාජයකට මුහුණ දෙන්නට සිදුවුණා.

කෙසේ වෙතත් මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තුළදී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින් දැක්වූ දස්කම් මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය පිළිබඳව යම්කිසි සුබදායි බලාපොරොත්තු තබාගත හැකි පසුබිමක් සකසා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7