Cricket NewsEXCLUSIVE

“පාකිස්තානයේ සිට බලහත්කාරයෙන් නැවත ඇෆ්ගනිස්තානය වෙත හරවා යවපු ඇෆ්ගන් ජාතිකයින් වෙනුවෙන් මම මේ සම්මානය වෙන් කරනවා.” ඓතිහාසික ඇෆ්ගන් ජයෙහි වීරයා තරඟයෙන් පසු සංවේදි වෙයි !

ඊයේ පකිස්තානයට කඩුලු 8 ක අවමන් සහගත පරාජයක් උරුම කරමින් ඇෆ්ගනිස්තානය ඓතිහාසියක ජයක් වාර්ථා කලේ ඉතිහාසයේ පළමු වරටයි.

තරඟය කඩුලු 8 කින් ජයගත් ඇෆ්ගනිස්තානය වෙනුවෙන් දිනයේ වටිනාම ඉනිම දියත් කලේ යොවුන් ක්‍රීඩක ඉබ්‍රහීම් සද්‍රාන්.තරඟයේ වීරයා සම්මානට ඔහුට වෙන්වුනේ ඒ හේතුවෙන්.

“පාකිස්තානයේ සිට බලහත්කාරයෙන් නැවත ඇෆ්ගනිස්තානය වෙත හරවා යවපු ඇෆ්ගන් ජාතිකයින් වෙනුවෙන් මම මේ සම්මානය වෙන් කරනවා.”

යනුවෙන් ඔහු සම්මානය ලබා ගත් මොහොතේ ප්‍රකාශ කර සිටියා.

මේ වෙද්දී පාකිස්තානයේ ඇෆ්ගනිස්තාන සරණාගතයින් මිලියන 4.4ක් විතර රැඳී සිටින අතර ඔවුන්ට නොවැම්බර් පළමුවැනිදාට පෙර ඉවත්වන්නටයි නියෝග කර තිබෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button