Cricket GossipCricket NewsEXCLUSIVEInternational

රසික ආදරය බේස් බෝල් පිත්තකිනුත් ලැබෙයි – ඉන්දීය සමාජ මාධ්‍ය Influencers වරියක් සහ ඇගේ මිතුරන් කිහිප දෙනෙකු සෙල්ෆියක් සම්බන්දයෙන් Prithvi Shaw සමග ගැටුමක් ඇති කර ගනී.!

මෙම සතිය තුල ඉන්දීයාවෙන් වාර්තා වූ ඇතැම් ක්‍රිකට් පුවත් ඉන්දීය දේශපාලනයේ පවා මුල් පුටු සෙලවීමට සමත් වූ බව රහසක් නොවේ.

මේ අතර තවත් එවැනි පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා. ඒ පසුගිය බදාදා උදැසන ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක Prithvi Shaw මුම්බායි හි සැන්ටකෲස් හි සාදයක් අතරතුරදී ඔහුගේ රසිකයින් කීපදෙනෙක් සමග හටගත් ගැටුමක් සම්බන්දයෙනි.

එම සාදය අතරතුර ඔහුගේ රසිකයන් කිහිපදෙනෙකු Prithvi Shaw සමග සෙල්ෆි ඡායාරූපයකට පෙනී සිටීමට උත්සහ කල අවස්ථාවේදී මෙම ගැටුම හටගෙන තිබෙන බවයි ඉන්දීය මාධ්‍ය අනාවරණය කර සිටින්නේ. ඒ ඉන්දීය සමාජ මාධ්‍යයේ ජනප්‍රිය තරුවක් වන Sapna Gill සහ ඇගේ පිරිමි මිතුරෙකු වන Shobhit Thakur සමඟ ඇති වූ මතබේදාත්මක බහින්බස්වීමකින් අනතුරුවයි. මෙම වාචික ආරවුල ඉක්මනින් ශාරීරික ගැටුමක් සහ මෝටර් රථ හඹා යාමක් දක්වා වර්ධනය වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටිනවා. බේස් බෝල් පිත්තකින් ද Prithvi Shawට පහර දීමට ඔවුන් උත්සහ කර තිබෙනවා.

ඉන් අනතුරුව Prithvi Shawට සහ ඔහුගේ මිතුරාට චෝදනා කර පසුව ඔවුන්ගේ මෝටර් රථයේ වීදුරුව කඩා ඉන්දීය රුපියල් 50,000 ක මුදලක් ඉල්ලා සිටීම සහ Prithvi Shawගේ මෝටර් රථයට අලාභහානි කර ඔහුව බොරු නඩුවකට පැටලවීමට උත්සහ කිරීම සම්බන්ධයෙන් ඉන්දීය පොලිසිය Sapna Gillව සහ අයගේ මිතුරාව අත්අඩංගුවට ගෙන තවත් හත් දෙනෙකුට නඩු පැවරීමට කටයුතු කර තිබෙනවා.

ඉද්නිය මාධ්‍ය අනාවරණය කල අදාල සිදුවීමේ වීඩියෝ පටයක් පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7