Cricket KnowledgeCricket NewsEXCLUSIVELegends Story

මාස කිහිපයක අත්දැකීම් සහිත දඟ පන්දු බලඇණියක්, ලෝක ක්‍රිකට් පිටිය රජ කරන පතාක යෝධයින් පවා දණගස්වන මට්ටමට ගෙන ආ තිරය පසුපස නිහඬ වීරයා – පියල් විජේතුංග

මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලයේ ශිෂ්‍යයෙකු වූ පියල් විජේතුංග පාසල් කාලයේ සිටම මුත්තයියා මුරලිදරන්ගේද සමකාලීනයෙකු වන අතර ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම වෙනුවෙන් ද ඔහු ක්‍රීඩා කර ඇත. ඔහු එක් ටෙස්ට් තරඟයක් ක්‍රීඩා කර ඇති අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔහුගේ එකම ටෙස්ට් තරගය වූ එහිදී කඩුලු 2ක් දවා ගැනීමට සමත් විය.

පියල් විජේතුංග මේ වසරේ ජූනි මාසයේ සිට දඟ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම එක්වීම ශ්‍රී ලාංකේය ක්‍රීඩා ලෝලීන් ඉදිරියේ විශාල ප්‍රශ්නාර්ථයක් ඉතුරු කලේය. නමුත් මීට මාස 5 කට පමණ පෙර තරඟ 10 ක හෝ අත්දැකීම් නොතිබුණු නවක දඟපන්දු යවන්නන් තරඟ ආකෘති තුනටම ගැලපෙන පරිදි සකස් කරන්නට මේවන විට ඔහු හට හැකියාව ලැබී ඇත.

ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාව සතුව අගනා මිණි කැට රාශියක් ඇත. එක් ආකෘතියකට සීමා නොවී මේ මැණික් කැට මනාව ඔපදමන්නේ පියල් විජේතුංග විසිනි.

2015 පමණ සිට සීමිත පන්දුවාර තරඟ සඳහා ප්‍රධාන දඟපන්දු යවන්නන් කලින් කලට හතු පිපෙන්නා සේ පහල විය. නමුත් 2017 වසරේ වනිඳු හසරංග ජාත්‍යන්තර වරම් දිනාගැනීමෙන් අනතුරුව ඉන් වසර 2 ට පසුව ඔහු වටා සෙසු දඟපන්දු යවන්නන් ගොනුවන ආකාරයක් දැකගත හැකි විය.

නමුත් කලින් කලට සාර්ථක වූවා මිස ඔහුට සහයක් ලබාදිය හැකි පන්දු යවන්නෙකු හමුවූයේ ඉතා අඩුවෙනි.

නමුත් මේ වසරේදී මහේෂ් තීක්ෂණ යොදාගනිමින් එම හිඩස පිරවීය. නමුත් එක්දින තරඟ තුල දක්වන මහේෂ් සතු පාලනය විස්සයි විස්ස ආකෘතියට රැගෙන ඒමට මහේෂ්ට කලක් ගතවිය.

ලෝක කුසලානයේදී වනිඳුගේ සෑම කඩුල්ලකම ගෞරවය මහේෂ්ටද හිමිවිය යුතුය. ඒ බව වනිඳු හසරංගද කීවේය. තරඟාවලිය පුරාවටම මහේෂ්ගේ තියුණු පන්දුයැවීම සහ පන්දුවාරයක් සඳහා ඔහු ලබා දුන් අවම ලකුණු සාමාන්‍යයත් නිසාවෙන් වනිඳුගේ කාර්‍ය තවදුරටත් පහසු විය.

නමුත් මාස කිහිපයකදී අවම අත්දැකීම් සහිත දඟ පන්දු බලඇණියක් ලෝකය වටා ලීග් තරඟ රජ කරන පතාක යෝධයින් පවා දණගස්වන මට්ටමකට ගෙන ආ තිරය පසුපස නිහඬ වීරයා පියල් විජේතුංගය.

මුත්තයියා මුරලිදරන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව බොහෝ කලක පටන් ජාතික කණ්ඩායමේ දඟපන්දු බලඇණිය බාර වූ රංගන හේරත්ගේ විශ්‍රාම යාමෙන් අන්තුරුවද, දිල්රුවන් පෙරේරා ජාතික සංචිතයෙන් ඉවත් වීමෙන් අනතුරුව ද ජාතික කණ්ඩායමේ දඟපන්දු බලඇණිය පතුල නොපෙනෙන අගාධයකට ශ්‍රී ලංකාව ඇද දැමූ බව නම් නොරහසකි.

නමුත් ලසිත් ඇඹුල්දෙණිය අඩු තරඟ ගණනක් වැය කරමින් අත්දැකීම් වලින් සමන්විත පන්දුයවන්නෙකු වී දඟපන්දු බලඇණියේ මූලිකත්වය ගන්නා සැටි අපට දකින්නට හැකියාව ලැබුණි.

තරඟ ආකෘති තුනම හොඳින් ක්‍රීඩා කල හැකි ප්‍රවීන් ජයවික්‍රම සතු විරල හැකියාව සහ ඔහුව මනා සේ කලමණාකරනය,කරමින් තණතීරුවට උචිත ආකාරයෙන් පන්දුයවන ක්‍රීඩකයෙකු බවට පත් කළේය.

දිල්රුවන්ගෙන් ඇති වූ හැඩැස පුරවන්නට බාර වූයේ රමේෂ් මෙන්ඩිස් හටය. පෙර තරඟාවලි වලට වඩා ඔහු මනා පාලනයකින් හා හොඳ පතිතයක් සහිතව පන්දු යැවීම මෙම තරඟාවලියේදී කැපී පෙණුනි.

නිමාව දුටු තරඟයේ දීද හොඳහැටි පන්දු යවන්නට රමේෂ් හට අවකාශය ලැබුණු අතර පෙරට වඩා හොඳ එල්ලයක් ඒතුල ගැබ් විය. එනිසා මේ යොවුන් දඟපන්දු බලඇණියට එරෙහිව නැගී සිටින්නට ක්‍රිකට් ලෝකයේ නම් දරණ විශාල කණ්ඩායම් වලටද ආසියාතික තණතීරු තුල මෙන්ම ඉන්පිටතදීද අතිශයෙන්ම අසීරු වනු ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායමේ සාර්ථකත්වයේදී බොහෝ විට ප්‍රශංසාව නොලබන පුද්ගලයා පියල් විජේතුංග වීම අභාග්‍යකි.

නමුත් ඔහු අත්දැකීම් අඩු නවයකයන් සමඟ යන චාරිකාව අනාගත ජයග්‍රණ සඳහා පෙරමං විවර කරන්නකි. විටෙක මුත්තයියා මුරලිදරන් මෙන්ම ලසිත් මාලිංගද ලංකාව සතු හොඳම දඟපන්දු යැවීමේ පුහුණුකරු පියල් විජේතුංග බව මාධ්‍යට කීවේය.

එක්තරා කාලවකවානුවක් තුල තිබුණු පරාජයේ අඳුරු සෙවණැලි මකා දමමින් ජයග්‍රහණ පිපාසයෙන් ඉදිරියට ඇදෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ තිරය පසුපස නිහඬ වීරයා ඔහුය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7