Cricket NewsEXCLUSIVEMatch ReviewWoman Cricket

ඇමරිකානුවන් පරාජය කරමින් වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිය ප්‍රථම ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රී ලංකා යොවුන් දියණියන් සමත් වෙයි.!

ලොව පළමු වතාවට පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගි වූ පළමු පන්දුවාර විස්සයි-20 තරගයෙන්ම ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායමට(USA) එරෙහිව කඩුලු 7 ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා යොවුන් දියණියන් පළමු ලෝක කුසලාන තරග ජයග්‍රහණය වාර්තා කිරීමට අද (23) සමත්වූනා.

මෙම තරගයේදී කාසියේ වාසිය දිනූ ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායම පළමුව පන්දුවට පහර දෙමින් නියමිත පන්දුවාර-20 අවසානයේදී කඩුලු 9 කට ලකුණු 96 ක් රැස් කිරීමට සමත් වුනා. ඇමරිකානු කණ්ඩායමට ප්‍රභල අභියෝගයක් වූ පන්දු යවන්නිය බවට පත්වූ දෙව්මි විහංගා වන අතර ඇය පන්දුවාර 4 දී නිලකුණු පන්දුවාරයක්ද සමඟ ලකුණු 11 කට කඩුලු 3 ක් බිඳ එලීමට සමත් වුනා.

පළමු කඩුල්ල ලෙස ලසාය මුල්පුඩි දවා ගත් දෙව්මි අනතුරුව සිඝා පෝල් සහ නායිකා ගීතිකා කොඩලි දවා ගනිමින් තම කඩුලු 3 සම්පූර්ණ කර ගත්තේය. මෙම තරගයට පෙර පැවැති පුහුණු තරග වලදී ස්කොට්ලන්තයට එරෙහිව කඩුලු ත්‍රිත්වයක්ද වාර්තා කර ගැනීමට දෙව්මි සමත්වී ඇති බැවින් තරගාවලියේ වැඩිම අවධානයක් දිනා සිටින ක්‍රීඩිකාවන් අතරට එක්වීමට සමත්ව සිටිනවා.

ඇමරිකානු ඉනිමේ වැඩිම ලකුණු ලාභීණිය වූයේ සිතූ සිං වන අතර ඇය පන්දු 23 කදී ලකුණු 22 ක් ලබාගත් අතර දෙව්මි හැරුණු වීට වමත් දඟ පන්දු යවන්නිය වන විදුෂිකා පෙරේරා ලකුණු 15 කට කඩුලු 2 ක් දවා ගැනීමට සමත් වුනා.

ඉලක්කය හඹා යෑමේදී පළමු කඩුල්ල ලෙස නෙත්මි සේනාරත්න මුලු ලකුණු සංඛ්‍යාව 08 ක්ව තිබියදී දැවී ගිය නමුත් නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කරන ලද විශ්මි ගුණනරත්න ප්‍රධාන ශ්‍රී ලංකා පිතිකාරිණියන් ශ්‍රී ලංකා කණ්ඩායම 19 වැනි පන්දුවාරය අවසානයේදී ජයග්‍රහණය කරා රැගෙන ගියහ. පන්දු 6 ක් ඉතිරිව තිබියදී ශ්‍රී ලංකාව ඉලක්කය සපුරා ගන්නා විට ප්‍රතිවාදී කණ්ඩායමේ පන්දු යවන්නියන් දවාගැනීමට සමත්ව සිටියේ ඩුලු 3 කි.

රිතූ සිංහගේ පන්දුවකට හයේ පහරක් එල්ල කළ මනුදි නානායක්කාර ශ්‍රී ලංකා ජයග්‍රහණය සනිටුහන් කරන විට පන්දු 31 කදී ලකුණු 32 ක්ද නායිකා විශ්මි ගුණරත්න පන්දු 40 කදී ලකුණු 34 ක් ද ලබා සිටියහ.

නායිකාවට වඩා ප්‍රහාරාත්මක වුණු මනුදි සිය ඉනිමට හයේ පහරක් සහ හතරේ පහරක් එල්ල කරද්දී නායිකාව හතරේ පහර 2 කින් පමණක් සිය ඉනිම සරසා ගත්තාය.

පළමු කඩුල්ල දැවී යෑමෙන් පිටියට එක් වුණු සුමුදු නිසංසලා (14) සහ විශ්මි ගුණරත්න දෙවැනි කඩුල්ලට ලකුණු 24 ක් එක් කළහ. සුමුදු දැවී යෑමෙන් පසු පිටියට පිවිසි දෙව්මි විහංගා ලකුණු 10 කට දැවී යද්දී විශ්මි සහ මනුදි ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය වත සාර්ථකව රැගෙන ආවා.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button