Cricket NewsEXCLUSIVEFuture Stars

ශ්‍රි ලංකාව වෙනුවෙන් පලමුපෙල පිටියේ ද්විත්ව ශතක ත්‍රිත්වයක් ලබාගත් ලාබාලතම පිතිකරුවා බවට යොවුන් ක්‍රිඩක නිශාන් මදුශ්ක පත් වෙයි.!

ශතක පිට ශතක රැස් කරමින් පළමු පෙළ ක්‍රිකට් පිටියේ පෙරැළි කරන නිශාන් මදුශ්කගේ සුපිරි පිතිකරණය හේතුවෙන් එංගලන්ත Lions කණ්ඩායම සමග පැවැත්වෙන පළමු සිව් දින තරඟයේ වැඩි ගෞරවයක් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි කර දෙමින් තරඟය ජය පරාජයකින් තොරව අද අවසන් වුනා.

මෙම තරඟයේ පළමු ඉණිමේදි ලකුණු 136කට සීමා වූ ශ්‍රී ලංකා ඉණිම ගොඩ නැගීමේ බර කරට ගත් නිශාන්, දෙවන ඉණිමේ ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට ද්විත්ව ශතකයක් රැස් කරමින් ලකුණු 241ක් රැස් කිරීමට සමත් වුණා.

මෙම විශිෂ්ට ද්විත්ව ශතකය සමගින් ශ්‍රි ලංකාව වෙනුවෙන් පලමුපෙල පිටියේ ද්විත්ව ශතක ත්‍රිත්වයක් ලබාගත් ලාබාලතම පිතිකරුවා බවට පත් වීමට නිශාන් මදුශ්ක සමත් වුනා.

නිශාන් මදුෂ්ක මෙම වාර්තාව සිය නම ඉදිරියේ සටහන් කරගන්නා විට නිශාන්ගේ වයස අවුරුදු 23ක් සහ දින 146ක් ලෙස සටහන්ව තිබු අතර මීට පෙර එම වාර්තාවට හිමිකම් කියු මහේල ජයවර්ධනගේ වයස ඒ වන විට අවුරුදු 24ක් සහ දින 298ක් ලෙස සටහන් වී තිබු අතර උදාර ජයසූන්දර වයස අවුරුදු 25ක් සහ දින 60ක් ලෙස වයස සටහන් වද්දී ද්විත්ව ශතක ත්‍රිත්වයක් රැස් කිරීමට සමත්ව තිබෙනවා.

ඒ අනූව මෙතැන් සිට ශ්‍රි ලංකාව වෙනුවෙන් පලමුපෙල පිටියේ ද්විත්ව ශතක ත්‍රිත්වයක් ලබාගත් ලාබාලතම පිතිකරුවා බවට නිශාන් මදුශ්ක පත් වුනා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7