Cricket NewsEXCLUSIVE

සිය කණ්ඩායම විශ්වාස කරමින් තරගය නැරඹීමට පැමිණි ක්‍රිකට් රසිකයන්ට ස්තූති කරමින් දසුන් කිව්ව කතාව.!

සිම්බාබ්වේ සමග ඊයෙ පැවති තරගය, ලකුණු 297 ක් හබා ගොස් කඩුළු 5කින් ජය ගැනීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේදි දසුන් මෙලෙස අදහස් දැක්වූවා.

පළමුවෙන්ම තරගය නරඹන්න ආව සියළු දෙනාටම මගෙ ස්තූතිය පුද කරනව. ඔවුන්ගෙ පැමිණීම අපිට විශාල සතුටක්.

ලකුණු 297ක් හබා යාම පහසු දෙයක් නෙමෙ. චන්දිමාල් , චරිත්, පැතුම් ඔවුන්ගෙ හැකියාව ඉහලින්ම පෙන්නුම් කලා.

ඒ වගේම සංචිතය තුල තවත් දක්ෂ ක්‍රීඩකයන් රැසක් ඉන්නව. ඔවුන් පිළිබදවත් අපි ඉදිරි තරග වලදි සලකා බලන්න කටයුතු කරනව.

එක්දින තරගාවලිය 1-0 ක් ලෙස ශ්‍රි ලංකාව ඉදිරියෙන් සිටින අතර දෙරට අතර මීලග තරගය හෙට (18) පල්ලෙකැලෙදි පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7