Cricket NewsEXCLUSIVE

මෙන්ඩිස්ගේ හා දිමුත් ගේ ශතකත් මතීශ පතිරණගේ සුපිරි පන්දු යැවීමත් හමුවේ ඇමෙරිකා එක්සත් ජනපදය පරදා ශ්‍රී ලංකාවට ලකුණු 198 ක ජයක් !

එක්දින ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරඟාවලියට පෙරාතුව සිම්බාබ්වේ හිදී පැවැත්වෙන දෙවන පුහුණු තරඟයට අද ශ්‍රී ලංකා කණ්ඩායම පිවිසියේ ඇමෙරිකානු එක්සත් ජනපද කණ්ඩායමට එරෙහිවයි.

තරඟයේ පළමු ඉනිම ක්‍රීඩා කල ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් හා දිමුත් කරුණාරත්න ශතක වලින් දායක වද්දී නායක දසුන් හා චරිත්ගේ දායකත්වය ලියැවුණේ නොදැවුණු අර්ධ ශතකයන් ලෙසටයි.

ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වූ දිමුත් කරුණාරත්න ලකුණු 111 ක් රැස් කලේ පන්දු 100 කට මුහුණ දෙමින්.දිමුත්ගේ ඉනිම හතරේ පහර 15 කින් වර්ණවත් විය.කුසල් මෙන්ඩිස් ලකුණු 105 ක් රැස් කල අතර පන්දු 91 ක් පුරාවට ක්‍රියාත්මක වූ කුසල්ගේ ඉනිම හතරේ පහර 7 ක් හා හයේ පහර 6 කින් වර්ණවත් විය.

නායක දසුන් ශානක නොදැවී ලකුණු 61 ක් රැස් කල අතර චරිත් අසලංක නොදැවී ලකුණු 62 ක් රැස් කිරීමට සමත් විය.

ප්‍රතිවාදී ඇමෙරිකානු ක්‍රීඩකයින් වෙනුවෙන් පන්දු යැවීමේදී Netravalker කඩුලු දෙකක් බිඳ හෙළීය.

ඒ අනුව නියමිත පන්දුවාර 50 අවසානයේදී ශ්‍රී ලංකා ඉනිම කියැවුණේ කඩුලු 4 ක් දැවී ලකුණු 392 ක් ලෙසටයි.

ජයග්‍රහණය සඳහා ලකුණු 393 ක ඉලක්කයක් හඹායන්නට පිටියට පිවිසි ඇමෙරිකානු කණ්ඩායමට පන්දුවාර 33 කුත් පන්දු 2 ක් අවසානයේදී සියළු දෙනා දැවී රැස් කිරීමට හැකිවූයේ ලකුණු 194 ක් පමණයි.

Monank Patel ලකුණු 68 ක් රැස් කල අතර Shayan Jahangir නොදැවී ලකුණු 63 ක් රැස් කලේය.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා පිල වෙනුවෙන් මතීශ පතිරණ ලකුණු 23 ට කඩුලු 4 ක් දවාගන්නට සමත්වද්දී කසුන් රාජිත හා වනිඳු හසරංග අතර කඩුලු දෙක බැගින් බෙදී ගියේය.

ඒ අනුව දෙවන පුහුණු තරඟයද ලකුණු 198 ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
7
+1
4
+1
15
+1
3
+1
3
+1
2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7