Cricket GossipCricket NewsEXCLUSIVEInternational

බංගලාදේශය සිම්බාබ්වේ ඉදිරියේ ලැබූ අවමන් සහගත තරඟාවලි පරාජයට උපහාස කළ සංචිතයට තෝරා නොගත් බංගලාදේශ ක්‍රිඩකයා?

සිම්බාබ්වේ කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය තවත් එක් තරගයක් ඉතිරිව තිබියදීම 2-0ක් ලෙස තරගාවලිය ජයග්‍රහණය කිරීමට සිම්බාබ්වේ කණ්ඩායම අද සමත් වූනා ඒ Sikandar Raza ගේ සුපිරි තුන් ඉරියව් දස්කම්සහ නායක Regis Chakabvaගේ විශිෂ්ට පිතිකරණය සමගිනි.

මෙම තරගාවලියට පෙර පැවති විස්සයි-20 තරගාවලිය ද 2-1ක් ලෙස ජයග්‍රහණය කිරීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත්වුණා.

කෙසේ නමුත් මෙම තරග පරාජයෙන් අනතුරුව බංග්ලාදේශ ක්‍රීඩක Imrul Kayes විසින් සිය Facebook සමාජ මාධ්‍ය පිටුවේ තැබූ සටහනක් සම්බන්ධයෙන් ක්‍රිකට් රසිකයන්ගේ දැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

Imrul Kayes සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවත්වෙන තරඟාවලියේ බංගලදේශ සංචිතයේ ඉඩක් අහිමි වූ ක්‍රිඩකයෙක්.එමෙන්ම වසර කිහිපයක පටන්ම ඔහු ජාත්‍යන්තර පිටියේ පෙනෙන්නන්ට සිටියේ නැහැ.

බංගලාදේශය තරගය පරාජය වීමෙන් අනතුරුව සිය ෆේස්බුක් පිටුවේ සිනහ මුහුණු කිහිපයක් සටහන් කිරීමට Imrul Kayes කටයුතු කර තිබුණා. ඒ මෙලෙසිනි.

කෙසේ නමුත් මිනිත්තු කිහිපයකින් අනතුරුව එම සටහන ඉවත්කර දුක්මුසු මුහුණු කිහිපයක් සමඟින් නව සටහනක් එක් කිරීමට ඔහු කටයුතු කර තිබුණා. ඒ මෙලෙසිනි.

නැවතත් ඉන් මිනිත්තු කිහිපයකට පසු එම සිද්ධිය වේගයෙන් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරණ වීමත් සමග ඔහු සිය Facebook ගිනුම හැකර් කරුවන්ගේ ග්‍රහණයට ලක් වී ඇති බවත් එය මුදවා ගැනීමට කටයුතු කරමින් සිටින බවත් මෙලෙස “සටහනක්” දක්වමින් ප්‍රකාශ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7